අහම්බෙන් මුණගැසුණු තරුණියක් නිසා ඔහුට වුණ දේ.. ලේන්සුවේ සුවඳින් මත් වුණු ඔහුට නැවතත් සිහිය එනකොට වෙලා තියන දේ දන්නවාද..?
Wednesday, 26 November 2025 - 16:37 | Views - 109
මගී ප්‍රවාහන බස් රථයේදී මුණගැසුණු නාඳුනන හුරු බුහුටි නංගියා සමග කතා බහ කළ අයියා කෙනෙකුට දෙලොව සිහි වූ කතාවක් ගැනයි මේ කියන්න යන්නේ. ඒ කතාව ඇසෙන්නේ ගාලු නගරය පැත්තෙන්.. ගාල්ල, කොළඹ මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක තමයි මේ කතාව සිද්ධ වුණේ. එදා මේ බස් රථය ධාවනය වූවේ ගාල්ල සිට කොළඹටයි. වෙලාව දහවල්ය. ධාවනය ආරම්භ කෙරුණේ ගාල්ලේ සිටයි. අයියා කෙනෙකු වාඩිවී සිටි ආසනයම සොයාවින් හුරුබුහුටි නංගි කෙනෙක් වාඩි වුණා. ඒ සමගම බස් රථය ගමන් ආරම්භ කළා. බස් රථය එසේ යන අතරතුර තමාගේ ආසනයේම අසුන් ගෙන සිටි අයියා සමග බලෙන්ම කතාවට ආවේ මේ හුරුබුහුටි නංගිටයි. නංගිගේ හුරු බුහුටිකම නිසාම අයියා ද ඊට අකමැති නොවුණා. දැන් දෙන්නා හොඳ කළේය. ආගිය තොරතුරුයි. මේ හුරුබුහුටි නංගිගේ හුරුබුහුටි කතා නිසාම අයියාද සිටියේ හොඳටම තොඳොල්වීයි. ගිනි ගහන අව්ව නිසා බස් රථයේ සිටි මේ අයියාගේ මුහුණේ ඩා බිඳු දෙක තුනකි. අනේ අයියේ ඔයාගේ මුහුණට දාඩිය දාලානේ.. නංගි තොදොල් බසින් කීවා. ඒ විතරක්ම නොව නංගි සිය ලේන්සුව අයියාට දුන්නේ අයියාගේ මුහුණේ ඩා බිදු පිහිදා ගැනීමටයි. නංගි දුන්නු ලේන්සුවේ සුවඳට අයියාගේ හදවත ඇදී ගියා. ඔහු ඕනෑකමින්ම නංගි දුන්නු ලේන්සුව නාසයට තබ තබා එහි සුවඳ ආග්‍රාහණය කළා. ගත වූයේ ටික වේලාවකි. අයියාගේ බෙල්ල නංගියාගේ කර මතය. අයියාගේ හාවක් හූවක් නැත්තේය. ඔහු නංගිගේ කරේ හොඳටම නිදිය. නංගීද ඔහුට නිදන්නට සිය කර හොඳ හැටි දුන්නාය. ඊට අවශ්‍ය පහසුකම නොපිරිහෙලා සැපයුවාය. අයියා දැන් බස් රථයේ යන්නේ දවල් හීන බල බලමිනි. කලබලෙන් නින්දෙන් අවදි වන අයියා තමා ළඟ සිටි නංගී අතුරුදන්වී ඇති බව දුටුවා. හිටි හැටියේම මෙවැනි තද නින්ද ගියේ ඇයිදැයි අයියා විමසිලිමත්වුණා. ඒ සමගම පැමිණි හිසේ බර ගතිය ද ගැන ද අයියාට සිහි වුණා. සිය මුදල් පසුම්බිය අයියාගේ සිහියට ආවේද ඒ එක්කමයි. මුදල් පසුම්බිය ද නංගි මෙන් අතුරුදන්. මේ සියල්ල සිදු වූයේ හුරුබුහුටි නංගි තමාගේ මුහුණේ දහදිය පිහින්න දුන්නු ලේන්සුවේ සුවඳ බැලීමෙන් පසුව බව ඔහුට සිහිවෙන විට කාලය ගිහින් හමාරයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top