දන්නවාද අද දවස ඇයි මෙතරම් සුවිශේෂී කියලා.. සිදුවුණු ප්‍රබල ග්‍රහ මාරුවක් ගැන ඇසෙන කතාවක් මෙන්න..
Wednesday, 26 November 2025 - 16:34 | Views - 178
-Recovered-Recovered.jpg)
2025 වසර අවසානයට තවත් ඉතිරිව ඇත්තේ බොහොම පොඩි කාලයක්.
ඉතින් ඒ කාලය අවසන් වෙන්න පෙර සිදුවන තවත් ප්‍රබල ග්‍රහ වෙනස්වීමක් ගැනයි ඔබට මේ ඇසෙන්නේ.
අද සිදුවුණු ඒ සුවිශේෂී ග්‍රහ මාරුව මොකක්ද?
කෙසේ වෙතත් අධ්‍යාපන ස්ථානවල යම් ගැටලු කිහිපයක් සහ විභාග සම්බන්ධ යම් ප්‍රශ්න කිහිපයක් ද උද්ගත වන්නට ඉඩක් ඇති බව පෙනේ.
දරුවන් සම්බන්ධ අයහපත් සිද්ධි කිහිපයක් සහ සන්නිවේදන අංශවල යම් ගැටලු කිහිපයක් මෙන්ම ප්‍රවාහන පද්ධතිවල යම් වෙනසක් ද දක්නට ලැබෙනු ඇති අතර, බන්ධනාගාර සහ රෝහල් සම්බන්ධව කතාබහට ලක්වන අතර නීතිවල වෙනසක් ද දැකගන්නට හැකිවනු ඇතියි.
නොවැම්බර් 23 සහ ඒ ආශ්‍රිත දිනවල කාලගුණයේ යම් වෙනස්කම් සහ විපරීත තත්ත්වවලටද ඉඩ කඩක් පවතින බවක් පෙන්වයි.
කුම්භ ලග්න ලංකා කේන්ද්‍ර සටහනද තවදුරටත් පිරික්සීමේදී පෙනී යන්නේ ආගම් සහ නීති පිළිබඳව යම් ව්‍යාකූල තත්ත්වයක් හෝ දූෂිත ක්‍රියාවන් කිහිපයක් පිළිබඳව තොරතුරු හෙළිවන බවකි.
ලියකියවිලි ආශ්‍රිත වංචනික හෝ රැවටිලි සහගත ක්‍රියා කිහිපයක් ගැනද තොරතුරු හෙළිවන පරිසරයක් ද නිර්මාණය වනු ඇතියි. සමාජ මාධ්‍යය ඔස්සේ යම් උණුසුම් පුවත් රැසක් කතාබහට ලක්වන දින ගණනක් ඉදිරි සතිය තුළ දැකගත හැකි වෙනවා.
සුබසෙත පුවත්පත ඇසුරෙන්..
Share This Article