ප්‍රේමයේ මල් වැසි මැදින්, රන් හුයෙන් අතිනත බැන්ඳූ "හිරු මංගලම්" අට වෙනි යුවලගේ විවාහය සිදුවන දවස අදයි..
Wednesday, 26 November 2025 - 10:00 | Views - 135
මෙරට විවාහපත් වූ ආදරවන්තයින් අතර වාසනාවන්තම ආදරවන්තයින් යුවළ හතක් අතිනත ගත් ප්‍රේමණීය සුයාමය තුළ සිරිලක විවාහ උත්සවශ්රීය ඓතිහාසික කරමින් යථාර්ථ ගැන්වූ හිරු අද එහි තවත් පියවරක් තබනවා.
ඒ අනුව හිරු "මංගලම්" අටවැනි උත්කර්ශවත් විවාහ මංගල උත්සවය අද පැවැත්වෙනවා...
සුවහසක් ශ්‍රී ලාංකේය ආදරවන්තයින්ගේ ජීවිතයේ වටිනාම දිනය උත්කර්ෂයට නංවන "මංගලම්" වසරේ මහා විවාහ මංගල්‍යය හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත පිදෙන ආදරණීය තිළිණයක්.
අද දින මේ අති දැවැන්තම විවාහ මංගල උත්සවයේ වාසනාවන්ත හිමිකරුවන් වන්නේ සාලිය සහ මලින්දි යුවලයි.
ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල උත්සවය මේ වන විට මහනුවර අම්පිටිය Golden crown හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙනවා. මේ අවස්ථාව සාර්ථක කරගැනීමට විවාහ මංගල ක්ෂේත්රයේ ප්‍රවීණයින් රැසක් එක්ව තිබෙනවා.
Share This Article