අද සිය යළි දැනුම්දෙන තුරු වැසෙයි.. ප්රදේශ කිහිපයක පෙර පාසල් ගැන ඇසෙන ඒ කතාව මෙන්න..
Tuesday, 25 November 2025 - 16:28 | Views - 85
පවතින අයහපත් කාලගුණ තත්වතය එක්ක දිවයිනේ විවිධ ප්රදේශවලින් අහන්න දකින්න ලැබෙන්න විවිධ සිදුවීම් අතර මේ ඇසෙන්නේද විශේෂ කතාවක්.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඌව පළාතේ සියලුම පෙර පාසල් අද සිට යළි දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය විසින් මේ පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
පවතින අධික වැස්ස සුළං හා විටින් විට පවතින දැඩි සුළං සහ මාර්ග අවහිර වීම් තත්ත්වය සලකා මෙම පියවර ගත් බව ඌව පළාක් මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය පැවසුවා.
Share This Article