ප්රවේශ පත්ර නොදුන්නොත් ඉවරයි.. මෙන්න වෙන්න යන දේ දින ගණනත් එක්කම..
බස් රථවල ගමන් ගන්නා මගීන්හට ප්රවේශ පත්ර නිකුත් කිරීම බස්රථ කොන්දොස්තරවරුන්ගේ වගකීමක් වෙනවා. ඒ අනුව පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්රවේශපත්ර නිකුත් කිරීම පසුගිය ඔක්තෝබර් 01 වැනිදා සිට අනිවාර්ය කරනු ලැබුවා.
මේ කියන්න යන්නේ ප්රවේශ පත්ර නොදෙන කොස්දොස්තර මහත්වරු වෙනුවෙන් අරගෙන තියෙන අලුත්ම තීරණය ගැනයි..
බස්නාහිර පළාතේ බස් රථවල මගීන්ට ප්රවේශපත්ර නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ගේ සේවය දෙසැම්බර් 01 වැනිදා සිට දින හතකට අත්හිටුවීමටත්, අදාළ බස් රථවල ගමන් වාර දින දෙකක කාලයක් සඳහා තහනම් කිරීමටත් නියමිත බව බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්රවාහන අධිකාරිය පවසනවා.
එසේම, පසුගිය ඔක්තෝබර් 01 වැනිදා සිට දින 45ක කාලයක් තුළ ප්රවේශපත්ර නොදුන් කොන්දොස්තරවරු 332 දෙනකුගේ සේවය දැනටමත් දින තුනක කාලයක් සඳහා අත්හිටුවීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්රවාහන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.