විපක්ෂයේ නුගේගොඩ රැලිය අද
Friday, 21 November 2025 - 8:44 | Views - 184
 
විපක්ෂයේ පක්ෂ රැසක් එක්ව සංවිධානය කරන ''මහා ජන හඬ'' රැලිය අද (21) පස්වරුවේ නුගේගොඩ, ආනන්ද සමරකෝන් එළිමහන් වේදිකාවේදී පැවැත්වීමට නියමිතයි.
 
මේ සඳහා දේශපාලන පක්ෂ රැසක නායකයන් ඇතුළු පිරිසක් සහභාගී වන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කළේ.
 
ඒ අනුව, අද පස්වරුවේ විපක්ෂයේ නායකයන්, නියෝජිතයන්, ප්‍රභූන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙනු ඇති.
 
මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්ව ජන බලය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් සහභාගී වන බවයි සඳහන්.
 
මේ අතර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමේදී නියමිත බලපත්‍ර කොන්දේසි මත කටයුතු කරන ලෙසයි පොලීසිය විසින් බලපත්‍ර ඉල්ලුම්කරුවන් වෙත දන්වා තිබෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top