මෙයත් ඉදිරියේදී ඛේදවාචකයක් වේවිද..? පාසල් සිසුන් ගැන විශේෂ අනාවරණයක්..
Thursday, 20 November 2025 - 16:14 | Views - 101
ඔබත් මේ වයසේ පසුවන පාසල් දරුවෙකුගේ මව්පියන්ද..?
එහෙනම් මේ ඇසෙන කතාව ගැන දැනුවත්වීම බොහෝ දුරට ඔබටත් වැදගත් වේවි.
පාසල් ළමුන් අතර දුම්පානය ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න පවසනවා.
ඔහු පවසන්නේ වයස අවුරුදු 14 හෝ 15 වන විට පාසල් ළමුන් බොහෝ පිරිසක් දුම්වැටි අත්හදා බැලීමට යොමුව ඇති බවයි.
මෙලෙස දුම්පානය කිරීම පෙනහළු ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති වීමට බෙහෙවින් ඉවහල් වනු ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න පැවසුවා.
අරුණ පුවත්පත ඇසුරෙන්..
Share This Article