දක්ෂිණ අධිවේගී මාර්ගයේ අලි ජංජාලයක්.. මහ රෑ සිද්ධවුණු දේ මෙන්න..
Wednesday, 19 November 2025 - 14:36 | Views - 130
මෙවැනි සිදුවීම් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වීම මේ වන විට සුලබ සිදුවීමක් බවට පත්ව තිබෙනවා. මේ කියන්න යන කතාවත් වන අලි සම්බන්ධව අන්න එවැනිම සිද්ධියක් ගැනයි. දක්ෂිණ අධිවේගී හම්බන්තොට මත්තල මාර්ගයට ඊයේ රාත්‍රී පැමිණි වන අලියකු පළවා හැරීමට මාර්ග සංවර්ධන අධිකාරීයේ සේවකයින් කටයුතු කළා. රාත්‍රී එකොළහට පමණ ඊ 6 මාර්ගය කිලෝ මිටර් 1 දශම නමය කිලෝ මීටර් කණු අසල විදුලි වැටටද හානි සිදු කරමින් අධිවේගී මාර්ගයට මෙම අලියා පැමිණ තිබුණා. අලියා විදුලි වැට කඩාගෙන කිලෝමීටර් තුනක් පමණ අධිවේගී මාර්ගයේ දිගටම ගමන් කර තිබූ බවද වාර්තා වෙනවා. අලි වෙඩි දමා අලියා පලවා හැරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් කටයුතු කර ඇති අතර මත්තල පිවිසුමෙන් අලියා පිටතට ගොස් වන වැදුනු බව සඳහන්. එම අවස්ථාවේදී අධිවේගී මාර්ගයට මත්තල පිවිසුමෙන් ඇතුළු වන සහ පිටවන වාහනය නතර කර තැබීමට පොලිස් නිලධාරීන්ද කටයුතු කර ඇතැයි ආරංචි මාර්ග පවසනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top