හිටපු ජනපති මහින්දට උපන්දිනය දවසේ ඔහුගෙන් ආපු විශේෂ සුබ පැතුම් පණිවිඩය
Tuesday, 18 November 2025 - 16:28 | Views - 139
ශ්රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගේ උපන් දිනය අද(18)ට දීලා තියෙනවා.
ඔන්න ඉතින් එතුමාගේ උපන්දිනය වෙනුවෙන් ගොඩක් අය සුබ පැතුම් එකතු කරලා තිබුණා. ඒ අතර එක විශේෂ සුබ පැතුම් පණිවිඩයක් ද වුණා.ඒ තමයි හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා එක් කළ සුබ පැතුම් පණිවිඩය.
ඔහු මහින්ද රාජපක්ෂට සුබ පතමින් වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද දුරකථනයෙන් කෙටි අදහස් හුවමාරුවක නිරත වී ඇති බවයි වාර්තා වෙලා තියෙන්නේ.. මේ වන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මහනුවර බලා පිටත්ව ගොස් ඇති අතර එහිදී ශ්රී දළදා මාළිගාවේ ආගමික වතාවත්වලට ද අද දින සහභාගි වීමට නියමිත බවද වාර්තා වෙනවා.
Share This Article