වයස 18ට වැඩි හෝටල් සේවිකාවන්ට සවස 6 පස්සේ ලැබෙන්න යන ඒ අවස්ථාව මෙන්න..
Tuesday, 18 November 2025 - 16:11 | Views - 127
හෝටල් ක්ෂේත්රයේ රැකියාවේ නියුතු වෙලා ඉන්න ඔවුන්ට මේ පණිවිඩය විශේෂ වේවි.. මොකක් ගැනද මේ කියන්න යන්නේ?
1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනතේ නියෝග අංක 3 සංශෝධනය කිරීම පිණිස පසුගිය ජූලි 03 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව, සංශෝධිත නියෝගය මගින් නේවාසික හෝටල්වල සහ අවන්හල්වල සේවයේ යෙදී සිටින ආහාර හා පාන පිළිගන්වන්නියන්ගේ කාර්යයන්හි නියැලෙන වයස අවුරුදු 18ට වැඩි සේවිකාවන්ට පස්වරු 6.00ට පසුව සහ පෙරවරු 6.00ට පෙර සේවයේ යෙදීමට හැකි වන පරිදි අවශ්‍ය නීතිමය සංශෝධන හඳුන්වා දීමටයි අපේක්ෂා කර ඇත්තේ.
එකී කාර්යය සඳහා සාප්පු හා කාර්යාල සේවකයින් පිළිබඳ (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනතේ 66 වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් සාදනු ලැබ ඇති සංශෝධික නියෝගය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, ඉන් අනතුරුව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.
Share This Article