ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කෙරේ (Video)
Monday, 17 November 2025 - 14:41 | Views - 200
මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කර තිබෙනවා.

ඩකා හි පිහිටි විශේෂ ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් (ICT) විසින් හසීනාට එරෙහිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා, පසුගිය වසරේ සිසුන්ගේ නායකත්වයෙන් පැවති කැරැල්ල මර්දනය කිරීමට නියෝග කිරීමේ චෝදනාවට මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වරදකරු වුණා.

ඇයට එල්ල වී තිබූ ප්‍රධාන චෝදනාව වූයේ, 2024 වසරේ ඇති වූ සිසුන්ගේ විරෝධතා මර්දනය කිරීමේ "ප්‍රධාන සැලසුම්කරු සහ ප්‍රධාන නිර්මාතෘ" ලෙස කටයුතු කිරීමයි.

බලයෙන් නෙරපීමෙන් පසු ඉන්දියාවට පලා ගොස් ඇති හසීනාට එරෙහිව නඩු විභාගය පවත්වා ඇත්තේ ඇය නොමැතිවයි.

රජයේ රැකියා සඳහා වූ මතභේදාත්මක කෝටා ක්‍රමයක් හේතුවෙන් ආරම්භ වූ මෙම මහජන පෙලපාලි මර්දනයේදී පුද්ගලයන් 1,400 ක් පමණ මිය ගිය බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් ඇස්තමේන්තු කරන අතර මෙම සිසු කැරැල්ල හේතුවෙන් හසීනාගේ වසර 15ක පාලනය අවසන් වුණා. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top