අද සිට තුණ්ඩු නොදෙන වෛද්‍යවරුන්..
Monday, 17 November 2025 - 11:10 | Views - 177
 
දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා තුණ්ඩු නිකුත් කිරීම, පිටතින් රසායනාගාර සේවා ලබා ගැනීමට නිර්දේශ කිරීම ඇතුළු වෛද්‍ය සේවා කිහිපයක් අද(17) සිට සීමා කිරීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.
 
ඒ, සිය අයවැය යෝජනා සම්බන්ධයෙන් මෙවර අයවැයේදී රජය කිසිදු අවධානයක් යොමු කර නොමැති බව පවසමින්.
 
කෙසේවෙතත්, අද පෙරවරු 9.30ට මීට අදාළ සාකච්ඡාවක්ද ජනාධිපති අනුර කුමාර දිසානායක සමග පැවැත්වීමට ද නියමිතයි.
 
විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිවාස පහසුකම, වෛද්‍යවරුන්ගේ ආදායම මත පනවා ඇති සියයට 36ක බදු සහ වැටුප් සම්බන්ධ යෝජනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍යවරුන් මෙවර අයවැයට ඉදිරිපත් කර තිබුණා.
 
එමෙන්ම, සිය ඉල්ලීම්වලට විසදුම් නොමැති නම් විශේෂඥ වෛද්‍යවරුන් ද එළඹෙන 26 සහ 27 වන දින වෘත්තීය ක්‍රියාමාර්ගයක ආරම්භ කිරීමට සූදානම් බවයි කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිත විශේෂඥ වෛද්‍ය සුනිල් විජේසිංහ සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top