ඇයගේ ජීවිතය උදුරාගත් ඔහුත් අවසන් සුසුම් හෙළයි.. සිසුවියක් එළොව යැවූ තරුණයාගේ සිරුරත් තේ වත්තකින් හමුවෙයි..
Saturday, 15 November 2025 - 15:36 | Views - 102
හිතාගන්නවත් පුළුවන්ද? ඇගේ ජීවිතය උදුරාගන්න හේතු වුණේ ප්‍රේම සම්බන්ධතාවයක් කියන එක. ඇය තවමත් හිරිමල් වියේ තරුණියක්. දහසය හැවිරිදි පාසැල් සිසුවියකට පිහියකින් ඇන ඝාතනය කළ 28 හැවිරිදි හිටපු හමුදා සෙබළා ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි ගම්පොළ පොලිසිය පවසනවා. ඝාතනයට ලක්ව ඇත්තේ ගම්පොළ, මිල්ලගහමුල, පන්විලතැන්න පදිංචි හේවාගේ මල්කි දිල්රුක්ෂි නමැති 10 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියක්. මියගිය හිටපු හමුදා සෙබළා සමඟ මෙම සිසුවිය ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා. සිසුවිය වෙනත් පුද්ගලයකු හා ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවට ඇති වූ සැකය මත හිටපු හමුදා සෙබළා මෙම ඝාතනය සිදු කර තිබෙන බවයි පොලිසිය පවසන්‍නේ. හිටපු හමුදා සෙබළා වසරක පමණ කාලයක් අදාළ සිසුවියගේ නිවසේ කුලී පදනම මත කාමරයක සිට තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව තිබෙනවා. සිසුවියගේ නිවසට ඊයේ (14) රාත්‍රියේ පැමිණ ඇති මොහු ඇයට පිහියෙන් ඇන ඝාතනය කිරීමෙන් පසු එම නිවස ආසන්නයේ වූ තේ වත්තක ගෙල වැළලාගෙන තිබෙන බව පොලිසිය ප්‍රකාශ කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top