නොසිතූ මොහොතක ප්‍රේක්ෂකයෙක් ආරක්ෂක වැටවල් උඩින් ඇවිත්.. අරියානා ග්‍රාන්ඩේට අකරතැබ්බයක්..
Saturday, 15 November 2025 - 15:32 | Views - 298
ඇය ගැන නොදන්නේ කවුද..? ඒ නිසාම මේ පුවත ලෝකයේ බොහෝ තැනවල මේ වෙද්දිත් සංසරණය වෙනවා. සිංගප්පූරුවේ 'Wicked' මංගල දර්ශනයේදී අරියානා ග්‍රාන්ඩේට රසිකයෙකුගෙන් අනපේක්ෂිත ප්‍රහාරයක් ගැනයි මේ කතාව සිංගප්පූරුවේ යුනිවර්සල් ස්ටුඩියෝස්හි පැවති "Wicked For Good" චිත්‍රපටයේ ආසියා - පැසිෆික් මංගල දර්ශනයට පැමිණි ප්‍රධාන නිළියන් වන අරියානා ග්‍රාන්ඩේ සහ මිෂෙල් යෙහෝ ඇතුළු රංගන ශිල්පීන්ට අනපේක්ෂිත සිදුවීමකට මුහුණදීමට සිදුවුණා. කහ පැහැති කාපට් මත ගමන් කරමින් සිටියදී ආරක්ෂක බාධක පැන දිව ආ රසිකයෙකු අරියානා ග්‍රාන්ඩේ ස්පර්ශ කිරීමට තැත් කර තිබුණා. නවතම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සිංගප්පූරුවට පැමිණි අරියානා ග්‍රාන්ඩේ, මිෂෙල් යෙහෝ, සහ සින්තියා එරිවෝ ඇතුළු පිරිස උත්සවයේ කහ පැහැති කාපට් මතින් ගමන් කරමින් සිටියදී මෙම සිදුවීම වාර්තා වුණා. මාධ්‍ය වාර්තා සහ සමාජ මාධ්‍යවල සංසරණය වන දර්ශන අනුව, ජොන්සන් වෙන් ලෙස හඳුනාගත් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් හදිසියේම ආරක්ෂක බාධක බිඳගෙන වේගයෙන් ග්‍රාන්ඩේ වෙත දිව ආවා. ඔහු වහාම ග්‍රාන්ඩේගේ උරහිස වටා අත දමා ඇයව තදින් අල්ලා ගැනීමට තැත් කළ අතර, මේ හේතුවෙන් ඇය දැඩි ලෙස කම්පනයට පත් වූ බව පෙනෙන්නට තිබුණා. මෙම බිය උපදවන මොහොතේදී, චිත්‍රපටයේ ඇයගේ සම-රංගන ශිල්පිනිය වන සින්තියා එරිවෝ ක්ෂණිකව මැදිහත් වුණා. එරිවෝ වහාම ඔවුන් දෙදෙනා අතරට පැන, ප්‍රහාරකයා ඉවතට තල්ලු කරමින් ග්‍රාන්ඩේ ආරක්ෂා කළා. මේ අතර ආරක්ෂක නිලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක වී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා. සිද්ධියෙන් පසුව ග්‍රාන්ඩේ මුහුණ දුන් කම්පනය සමනය කිරීමට එරිවෝ සහ මිෂෙල් යෙහෝ ඇතුළු අනෙකුත් රංගන ශිල්පීන් වහාම ඇය වටා එක්වී ඇයට සහය ලබා දුන්නා. මෙම සිද්ධියට වගකිව යුතු ජොන්සන් වෙන් නම් පුද්ගලයා සමාජ මාධ්‍යවල තමා "Pyjama Man" ලෙස හඳුන්වා ගන්නා අතර මීට පෙරද කේටි පෙරී සහ ද වීක්න්ඩ් වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් සම්බන්ධ උත්සවවලට මෙලෙසම බලෙන් ඇතුළු වී ප්‍රසිද්ධිය ලබා ගැනීමට තැත් කළ අයෙකි. සිංගප්පූරුවේ පොදු අපහසුතා ඇති කිරීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව නඩු පවරා ඇත. අනපේක්ෂිත ලෙස ඇති වූ මෙම සිදුවීමෙන් පසු අරියානා ග්‍රාන්ඩේ සුපුරුදු පරිදි සන්සුන්ව සිය කහ පැහැති කාපට් ගමන දිගටම කරගෙන ගොස් රසිකයන් සමග අත්සන් තැබීමට එක් වූ බව වාර්තා තිබුණා. Ariana Grande Charged by Fan in Singapore in Scary Red Carpet Moment - People.com මෙම යූ ටියුබ් වීඩියෝව මගින් සිංගප්පූරුවේ පැවති 'Wicked For Good' චිත්‍රපට මංගල දර්ශනයේදී අරියානා ග්‍රාන්ඩේට රසිකයෙකු ප්‍රහාර එල්ල කළ බිය උපදවන අවස්ථාව පෙන්නුම් කරයි.
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top