ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 20.5කට අලෙවි වුණු 'The Mellon Blue' දියමන්තිය ගැන දැනගන්න ආසද..?
Friday, 14 November 2025 - 15:05 | Views - 118
කාන්තා ඔබට මේක නම් විශේෂ ආරංචියක් වේවි. ඒ වගේමයි මේ කියන කතාව දැනගන්න ඔබ ආස කරාවි. කොහොමද මෙහෙම මුද්දක් අතේ පළඳින්න අවස්ථාව ලැබුණොත්..? ඔන්න එහෙනම් දැනගන්න මේ කියන්නේ අන්න ඒ ගැන කතාවක්. එක්සත් ජනපදයේ කලා එකතු කරන්නියක් වූ බනී මෙලන් (Bunny Mellon) සතුව තිබූ, කැරට් 9.51ක බරකින් යුත් විචිත්‍රවත් නිල් දියමන්තියක් වන 'The Mellon Blue' දියමන්තිය, පසුගිය අඟහරුවාදා වෙන්දේසියේදී අමෙරිකානු ඩොලර් මිලියන 25.6කට (ස්විස් ෆ්‍රෑන්ක් 20,525,000කට) අලෙවි වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජිනීවා නුවරදී පැවති ක්‍රිස්ටීස් (Christie's) ආයතනයේ "Magnificent Jewels" නමැති ස්වර්ණාභරණ වෙන්දේසියේදී මෙම අලෙවිය සිදුවූ බවයි. ජිනීවා නුවර Hotel des Bergues හිදී අලෙවි වූ මෙම මැණික ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 16ත් 24ත් අතර මුදලකට අලෙවි වෙතැයි මීට පෙර තක්සේරු කර තිබෙනවා. සර්පන්ටයින් මුද්දක ඔබ්බවා ඇති මෙම දියමන්තිය, එක්සත් ජනපදයේ උද්‍යාන විද්‍යාඥවරියක්, පරාර්ථකාමී සමාජ සේවිකාවක් සහ කලා එකතු කරන්නියක් ලෙස ප්‍රකට වූ රේචල් ලැම්බර්ට් මෙලන් (Rachel Lambert Mellon) හෙවත් බනී මෙලන් සතුව පැවතියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top