තරුණිය ඔහුගෙන් ඉල්ලුවේ පොඩි සහනයක්.. ඒත් අවසානයේ..? මුහුණේ කැළැල් මකන්න ආ ඇයට, ඩිස්කවුන්ට් එක්කම නමට කැළැලක්..
Friday, 14 November 2025 - 15:00 | Views - 102
කවුරුත් කැමතියි ලස්සනට ඉන්න.. ඇයත් එහෙම්මම වෙන්න ඇති. ඒත් අවසානයේ කිසිවෙකුත් නොසිතූ විදිහට වෙලා තියන දේ දන්නවාද? මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පේරාදෙණිය මාර්ගයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක පුද්ගලයෙකු මහනුවර ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තරුණිය අද පස්වරුවේ තම මුහුණේ ලප කැළැල්වලට ප්‍රතිකාර ලබාගැනීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් තිබෙන බව ඇය විසින් කළ පැමිණිල්ලේ සඳහන් වෙනවා. Discover more ශ්‍රී ලංකාව ලංකාවේ ASIA BROADCASTING ඒ සඳහා වෛද්‍යවරයෙකු ප්‍රතිකාර ලබාදීමෙන් පසු ඇයට දැනුම්දී තිබෙන්නේ ඒ වෙනුවෙන් රුපියල් 35,000 ක මුදලක් ගෙවන ලෙසයි. එම අවස්ථාවේ තමන් සතුව රුපියල් 20,000 ක මුදලක් පමණක් තිබීම නිසා තරුණිය එය ලබාදීමෙන් පසු ඉල්ලා ඇත්තේ ඉතිරි මුදල පසුව ලබාදීමට අවස්ථාවක් ලබාදෙන ලෙසයි. එම අවස්ථාවේ ඇය අසලට පැමිණි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පරිපාලකයකු යැයි කියන පුදගලයකු තරුණියට රුපියල් 5,000 ක විශේෂ මුදල් අඩු කිරීමක්ද සිදුකොට ඉතිරි රුපියල් 10,000 ක මුදල පමණක් පසුව ගෙවීමට අවස්ථාව ලබාදිය හැකි බව පවසා තිබෙනවා. තමාද වෛද්‍ය වෘත්තියට සම්බන්ධ අයෙකු බව පවසා ඇති සැකකරු, තරුණියගේ ශරීරය පරීක්ෂා කර තවත් ලප කැළැල් ඇති බැවින් ඒවා ඉවත් කළ යුතු බවට තරුණියට දැනුම් දී තිබෙනවා. ඒ අනුව මෙම සැකකරු පළමුව ඇගේ පාද ද අනතුරුව පිට හා පපු ප්‍රදේශය ද පරීක්ෂා කරන මුවාවෙන් ශරීරය ස්පර්ශ කරමින් අතවරයක් කළ බව පැමිණිලිකාරිය සිය පැමිණිල්ලන් ඉදිරිපත් කර තිබුණා. මෙම තරුණිය කළ පැමිණිල්ලට අනුව පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සැකකරු කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ උපදෙස් මත මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත්ගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top