තරුණිය ඔහුගෙන් ඉල්ලුවේ පොඩි සහනයක්.. ඒත් අවසානයේ..? මුහුණේ කැළැල් මකන්න ආ ඇයට, ඩිස්කවුන්ට් එක්කම නමට කැළැලක්..
Friday, 14 November 2025 - 15:00 | Views - 103
-Recovered-Recovered.jpg)
කවුරුත් කැමතියි ලස්සනට ඉන්න.. ඇයත් එහෙම්මම වෙන්න ඇති. ඒත් අවසානයේ කිසිවෙකුත් නොසිතූ විදිහට වෙලා තියන දේ දන්නවාද?
මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පේරාදෙණිය මාර්ගයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක පුද්ගලයෙකු මහනුවර ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තරුණිය අද පස්වරුවේ තම මුහුණේ ලප කැළැල්වලට ප්‍රතිකාර ලබාගැනීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් තිබෙන බව ඇය විසින් කළ පැමිණිල්ලේ සඳහන් වෙනවා.
Discover more
ශ්‍රී ලංකාව
ලංකාවේ
ASIA BROADCASTING
ඒ සඳහා වෛද්‍යවරයෙකු ප්‍රතිකාර ලබාදීමෙන් පසු ඇයට දැනුම්දී තිබෙන්නේ ඒ වෙනුවෙන් රුපියල් 35,000 ක මුදලක් ගෙවන ලෙසයි.
එම අවස්ථාවේ තමන් සතුව රුපියල් 20,000 ක මුදලක් පමණක් තිබීම නිසා තරුණිය එය ලබාදීමෙන් පසු ඉල්ලා ඇත්තේ ඉතිරි මුදල පසුව ලබාදීමට අවස්ථාවක් ලබාදෙන ලෙසයි.
එම අවස්ථාවේ ඇය අසලට පැමිණි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පරිපාලකයකු යැයි කියන පුදගලයකු තරුණියට රුපියල් 5,000 ක විශේෂ මුදල් අඩු කිරීමක්ද සිදුකොට ඉතිරි රුපියල් 10,000 ක මුදල පමණක් පසුව ගෙවීමට අවස්ථාව ලබාදිය හැකි බව පවසා තිබෙනවා.
තමාද වෛද්‍ය වෘත්තියට සම්බන්ධ අයෙකු බව පවසා ඇති සැකකරු, තරුණියගේ ශරීරය පරීක්ෂා කර තවත් ලප කැළැල් ඇති බැවින් ඒවා ඉවත් කළ යුතු බවට තරුණියට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව මෙම සැකකරු පළමුව ඇගේ පාද ද අනතුරුව පිට හා පපු ප්‍රදේශය ද පරීක්ෂා කරන මුවාවෙන් ශරීරය ස්පර්ශ කරමින් අතවරයක් කළ බව පැමිණිලිකාරිය සිය පැමිණිල්ලන් ඉදිරිපත් කර තිබුණා.
මෙම තරුණිය කළ පැමිණිල්ලට අනුව පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සැකකරු කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ උපදෙස් මත මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත්ගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙනවා.
Share This Article