මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගය ගැන විශේෂ ආරංචි දෙකක්..
Tuesday, 11 November 2025 - 16:08 | Views - 138
ජීවිතයේ තවත් එක් සුවිශේෂී කඩයිමක් තමයි උසස්පෙළ කියන්නේ. මේ දවස්වල උසස් පෙළ විභාගයට මුහුණ දෙන බොහෝ දෙනෙක්ට මේ කියන්න යන ආරංචි ද්විත්වය නම් ඇත්තටම වැදගත් වේවි. මෙවර උසස් පෙළ විභාග කටයුතු අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ප්‍රකාශ කළා. විභාග මධ්‍යස්ථාන 2,362කදී ඊයේ ආරම්භ කළ උසස් පෙළ විභාගයේ දෙවන දිනය අදයි. එසේම මෙම කාලසීමාව තුළ සිසු දරුදැරි­යන්ට සහ විභාග රාජ­කාරි සඳහා සම්බන්ධ වන නිල­ධා­රීන්ට යම් ආපදා තත්ත්ව­යන් හේතු­වෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනී­මට ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය සහ විභාග දෙපා­ර්ත­මේ­න්තුව එක්ව විශේෂ ඒකා­බද්ධ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කර තිබෙනවා. විභාග කාල සීමාවේ ආප­දා­ව­ලින් අව­දා­න­මින් තොර පරි­ස­ර­යක් නිර්මා­ණය කරදීම සඳහා ඒ ඒ පාර්ශ්ව­කාර ආය­තන කට­යුතු කළ යුතු ආකා­රය ඇතු­ළත් මාර්ගෝ­ප­දේ­ශ­යක් නිකුත් කිරී­මට ද ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය කට­යුතු කර තිබුණා. යම් ආපදා තත්ත්ව­යක් හේතු­වෙන් විභා­ග­යට පෙනී සිටී­මට යම් බල­පෑ­මක් එල්ල විය හැකි සිසු දරු­වන්ට 117 දුර­ක­තන අංක­යට හෝ විභාග දෙපා­ර්ත­මේ­න්තුව විසින් හඳු­න්වාදී ඇති 1911 දුර­ක­තන අංක­යට හෝ ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­න­යෙහි හදිසි මෙහෙ­යුම් මැදි­රිය තුළ ස්ථාපිත කර ඇති ජාතික විභාග හදිසි මෙහෙ­යුම් ඒක­කය විශේෂ ඇම­තුම් අංක 113 668 026, 113 668 032, 113 668 087 සහ 113 668 119 යන දුර­ක­ත­න­ව­ලට දැනු­ම්දී­මෙන් අවශ්‍ය සම්බ­න්ධී­ක­රණ සහාය ලබා ගත හැකියි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top