ප්‍රසිද්ධ සමාගමක වෙළඳ ලකුණ භාවිත කළ ආයතන කිහිපයකට වැඩ වරදියි..
Saturday, 08 November 2025 - 15:44 | Views - 128
ඔබත් සමහරවිට මේ සන්නාමවල භාණ්ඩ මිලදී ගන්න කැමැත්තක් දක්වනවා ඇති. ඒත් ඔබ ව්‍යාජ භාණ්ඩවලට රැවටුණොත්..? ඒ හැඟීම ඔබට කොහොම නම් දැනෙනවා ඇතිද? මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක කතාවක්. ගෝලීය ක්‍රීඩා ඇඳුම් සන්නාමයක් වන PUMA, සමාගමේ ලියාපදිංචි වෙළඳ ලකුණු සහිත ව්‍යාජ භාණ්ඩ විකිණීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වන ආයතන හතරකට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයෙන් වාරණ නියෝග හතරක් ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. 2003 අංක 36 දරන ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පනත යටතේ ආයතන හතරකට එරෙහිවයි මෙම නඩුව ගොනුකර ඇත්තේ. සමාගමට අනුව, විත්තිකරුවන් නීති විරෝධී ලෙස "PUMA" නම, ලාංඡනය සහ වෙළඳ නාමයේ ගෝලීය වශයෙන් පිළිගත් වෙළඳ ලකුණුවලට රැවටිලිකාර ලෙස සමාන වෙනත් සුවිශේෂී අංග සහිත පාවහන් නිෂ්පාදන අලෙවි කරමින් සිටින බවයි එම ආයතනය මෙහිදී පවසා සිටියේ. දේශීය පාවහන් කර්මාන්තයේ ප්‍රසිද්ධ සිල්ලර වෙළෙන්දන් භාණ්ඩ ව්‍යාජ ඒවා බව දැන සිටින බව හෝ දැන සිටිය යුතු බවයි PUMA තර්ක කරන්නේ. එහි වෙළඳ ලකුණු අනවසරයෙන් භාවිතා කිරීම පාරිභෝගිකයින් නොමඟ යැවීම සහ වෙළඳ නාමයේ කීර්ති නාමයෙන් ප්‍රයෝජන ගැනීම අරමුණු කරගත් බවත් බාල ගුණාත්මක බවින් යුත් ව්‍යාජ භාණ්ඩ සංසරණය වීම සමාගමේ හොඳ හිතට සහ මහජන විශ්වාසයට සැලකිය යුතු හානියක් සිදු කරන බවයි PUMA පවසන්නේ. පෙත්සම් සමාලෝචනය කිරීමෙන් පසු, අමාලි රණවීර සහ චමත් මදනායක යන විනිසුරුවන්, PUMA හි වෙළඳ ලකුණුවලට සමාන හෝ ව්‍යාකූල ලෙස සමාන ලකුණු සහිත ඕනෑම භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, අලෙවි කිරීම, විකිණීම හෝ වෙනත් ආකාරයකින් බෙදා හැරීම තහනම් කරමින් වාරණ නියෝග නිකුත් කරනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top