සාහිත්‍ය ලෝකයේ ඔහු සදා නොමැකෙන තරුවක් එවන් මිනිසෙකුට මේ කළේ කුමක්ද..? හොරණ පැවති සාහිත්‍ය උළෙලකට සහභාගී වෙන්න ගිය රත්න ශ්‍රී විජේසිංහයන්ට සිදුවුණ දේ මෙන්න..
Saturday, 08 November 2025 - 15:42 | Views - 103
මෙහෙම දේවල් සිද්ධවෙන්න පුළුවන්ද.? ඔහු ලංකාවේම කාගේත් ආදරය දිනාගත්ත චරිතයක්. ඒත් අවසානයේ මේ මහා සාහිත්‍යකරුවාට අත්වුණු ඒ සිදුවීම ගැන ඇසෙන්නේ මෙන්න මේ වගේ කතාවක්. හොරණ නගර සභාව මඟින් පවත්වන ලද සාහිත්‍ය මහෝත්සවයේ ප්‍රධාන දේශනය කිරීමට පැමිණි ප්‍රවීණ ගී පද රචක , ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා ගේ වතුර වීදුරුවට කෙල ගැසූ පුවතක් හොරණ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. පසුගිය ඔක්තෝබර් 31 දින පස්වරුවේ හොරණ නගර සභා සාහිත්‍ය මහෝත්සවය නගර ශාලා ශ්‍රවණාගාරයේ දී පවත්වා ඇති අතර එදින පස්වරු 3.30 ට එතුමා ගේ දේශණය පැවැත්වීමට නියමිතව තිබෙනවා. පැය 3කට වැඩි වේලාවක් ඒ සඳහා අවස්ථාව ලබාදී නොමැති බැවින් සංවිධායක මණ්ඩලයේ කිහිප දෙනෙකුට ඒ මහතා දොස් පවරා තිබෙනවා. පසුව රාත්‍රි 7 ට පමණ දේශනය සිදුකිරීමට අවස්ථාව ලබාදී ඇති අතර, එතුමා වතුර වීදුරුවක් රැගෙන එන ලෙස රියදුරුට දන්වා ඇති බව රත්න ශ්‍රී විජේසිංහ මහතා සදහන් කළා. පසුව උත්සවයේ සංග්‍රහ කටයුතු සදහා නම්කර සිටී කාන්තාවන් දෙදෙනා වතුර වීදුරුව රැගෙන යාමට සූදානම්ව සිටියදී සංවිධායක මණ්ඩලයේ සිටී අයෙක් වතුර වීදුරුවට කෙල ගසන ආකාරය දැක ඔවුන් දෙදෙනා වතුර වීදුරුව රැගෙනයාම ප්‍රතික්ෂේප කර හඩාවැටී ඇති බවද පැවසෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රත්න ශ්‍රී ව්ජේසිංහ මහතා : දේශනය කරන්න මට ආරාධනා කල වේලාවට විනාඩි 30 කට පෙර පැමිණියා. මගේ දේශනය පැයකට වඩා ප්‍රමාද වුණා.නිවේදකයා අනවශ්‍ය දේවල් කියව කියව හිටියා. ඒ සම්බන්ධයෙන් මම සංවිධායක මණ්ඩලයට මගේ විරෝධය සදහන් කළා. මේ සම්බන්ධයෙන් හොරණ නගරාධිපති වරයා සම්බන්ධ කරගැනීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළද නොහැකිවූ අතර, සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට නගර සභාවෙන් ඉල්ලා සිටීයා. ප්‍රවීණ ගී පද රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ වතුර වීදුරුවට කෙළගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව හොරණ නගරාධිපති අනිල් ඉන්දික පවසනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top