පැටලුනොත් ගැළවෙන්න අමාරු ලෝකේ ලොකුම මකුළු දැල මකුළු දැල නිර්මාණය තවමත් අබිරහසක්
Saturday, 08 November 2025 - 15:41 | Views - 173
ඔබ මකුළු දැල් දැකලා තියෙනවද ? හැමෝගෙම උත්තරය වෙන්නේ ඔව්. මේ කියන්න යන්නේ ලොව විශාලතම මකුළු දැල ගැන. විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ පොළව අභ්‍යන්තරයේ අඳුරු ගුහාවකින් මේ ලොව විශාලතම මකුළු දැල සොයාගෙන තිබෙනවා. විශේෂම කාරණය නම් මේ මකුළු දැල වර්ග අඩි 1,140ක් පුරා පැතිර ඇති අතර එහි මකුළු ජීවීන් 110,000කට වැඩි ප්‍රමාණයක් සිටීමයි. මෙම ගුහාවට සූර්යාලෝකය සැලකිය යුතු ලෙස නොලැබෙන අතර, ඒ හේතුවෙන් විෂ සහිත හයිඩ්‍රජන්-සල්ෆර් වායුව ඉහළ මට්ටමක පවතින බව ද විද්‍යාඥයන් පවසනවා. මේක හරි සුවිශේෂී දෙයක්. මොකද ඒකට හේතුව වෙන්නේ මෙවැනි පරිසර තත්ත්වයක් යටතේ මෙම විශාල මකුළු දැලක් නිර්මාණය කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳවයි. කෙසේ වුණත් විද්‍යාඥයන් විසින් මේ පිළිබඳව පර්යේෂණයක් ආරම්භ කරලා තියෙනවා කියලා තමයි සඳහන් වන්නේ. මෙම මකුළු දැල ගුහාවේ දොරටුවේ සිට ආසන්න වශයෙන් මීටර් 50කට වඩා දුරින් පිහිටා ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ මකුළු විශේෂ දෙකක් වාසය කිරීමයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top