ඔවුන්ගේ වත්කම්වලින් කොටසක් රාජසන්තක වෙයි.. සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් ගැන ඇසෙන කතාවක් මෙන්න..
Saturday, 08 November 2025 - 15:36 | Views - 131
ඔබත් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන කෙනෙක් නම් මේ ක්‍රීඩකයි දෙදෙනා ගැන නොදන්නවා වෙන්න බෑ. ලෝකප්‍රසිද්ධ මේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා ගැන අද ඇසෙන්නේ වෙනස්ම ආරංචියක්. සුරේෂ් රයිනා සහ ශිකර් ධවාන්, වර්තමානයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණු තරු යුවලක්. මේ කතාව ඇසෙන්නේ ඔවුන් දෙදෙනා ගැනයි. ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් ප්‍රවර්ධනය කිරීම හරහා මුදල් විශුද්ධිකරණය කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන සුරේෂ් සහ ශිකර්ගේ මුදල් රාජසන්තක කර තිබෙනවා. මෙලෙස රාජසන්තක කරන ලද මුදල ඉන්දීය රුපියල් කෝටි 11.14ක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මුදල් වංචා සම්බන්ධයෙන් සොයාබලන එරට විශේෂ ඒකකයක් (Enforcement Directorate) විසින් ඊට මැදිහත්වී මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. අදාළ විමර්ශනයට අනුව රයිනාගේ නමින් ඇති ඉන්දීය රුපියල් කෝටි 6.64 ක් පමණ වටිනා අන්‍යෝන්‍ය අරමුදල් ආයෝජන මෙන්ම ධවාන්ගේ නමින් ඇති රුපියල් කෝටි 4.5ක් වටිනා නිශ්චල දේපළක් මෙලෙස ඔවුන්ට අහිමිවී තිබුණා. කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් ඉන්දීය තරු රැසකගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි එරට මාධ්‍ය පවසන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top