"එය ප්‍රතිසංස්කරණවල අතුරුඵලයක්.." පාසල් වෙලාව වැඩි කිරීම ගැන ඇසෙන ඒ විශේෂ ආරංචිය මෙන්න..
Friday, 07 November 2025 - 9:58 | Views - 132
එක ශ්‍රේණිය සහ හය ශ්‍රේණිය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේදී කාල පරිච්ඡේදයක වෙලාව විනාඩි පනහක් බවට පත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව පවසනවා. ඔහු මේ පිළිබඳව පවසා සිටියේ අධ්‍යාපන අමාත්‍යංශය අද කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී. එහිදී ඔහු පවසා සිටියේ මෙවැනි අදහසක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ පාසල් කාලය දීර්ඝ කිරීම පමණක් නෙමෙයි. පාසල් කාලයේ පැය භාගයකින් දීර්ඝ කිරීම කියන්නේ මේකෙ එක අතුරු පලයක් විතරයි. නැතුව ඒක අනෙකුත් සියලු දේට බැඳී තියෙන කරුණක් තමයි මේ විනාඩි පනහක කියන කාලපරිච්ඡේදය සහ ඒ අනුව පැය භාගයක කාලයක් මේක දීර්ඝ කරන්න කියලා කියන එක. පාසල් සවස 2.00 දක්වා පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ කාලයක් බොහෝ පිරිස් සමග සාකච්ඡා කළ බවත් මේ වන විට ක්‍රියාත්මක මට්ටමට පැමිණ තිබෙනවා. නිල වශයෙන් සිදුකෙරෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කරනු ලබන චක්‍ර ලේඛන අනුව. මේ අවස්ථාව වන විට අපි මේකට අදාල චක්‍ර ලේඛන සියල්ල වගේ නිකුත් කරල හමාරයි. ඒකට අදාළ චක්‍රලේඛන සියල්ල අපේ වෙබ් පිටුව හරහා ලබා ගන්න පුළුවන් . ඒ චක්‍රලේඛවලින් පාසල් පස්වරු දෙක දක්වා පැවැත්වීම, එය එක් එක් පන්තිවලට බෙදී යන ආකාරයේ මෙන්ම විෂයයන් සම්බන්ධයෙන් ගුරුවරුන් යොදාගන්නා ආකාරය මේ තොරතුරු සියල්ල අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් ලේකම්වරයා නිකුත් කර තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top