දියවඩන නිලමේ පත්කර ගැනීමේ රැස්වීම අද..
Friday, 07 November 2025 - 9:55 | Views - 125
-Recovered-Recovered.jpg)
මේ විශේෂ පුවත ගැනත් ඔබ අද දවසේ අවධානය යොමුකළ යුතු තවත් විශේෂ පුවතක් ගැනයි මේ ආරංචිය..
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නව දියවඩන නිලමේවරයා පත්කර ගැනීම අද (07) පස්වරුවේ පැවැත්වෙනවා.
ඒ මහනුවර - සෙංකඩගල බෞද්ධ මන්දිරයේදීයි.
මේ සඳහා වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල, මහනුවර, කතරගම මහ දේවාලයේ හා පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ, මහනුවර නාථ දේවාලයේ සහ අම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩබ්ලිව් එස්. බණ්ඩාරනායක තරග වදිනු ඇති.
මීට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන ගාමිණි කලුහෙන්දිවල, බදුල්ල සෝනුත්තර රජමහා විහාරයේ සහ සතර මහා දේවාලයේ ප්‍රධාන නිලමේ වන රොෂාන් ප්‍රියදර්ශන සහ විශ්‍රාමික යුද හමුදා කර්නර්වරයෙකු වන නන්දන මඩුගල්ල ද මෙවර දියවඩන නිලමේ ධූරය සදහා තරග වදිනවා.
ඒ සඳහා ඡන්දය භාවිත කිරීමට මහ සංඝරත්නය ඇතුළු 267ක පිරිසක් සුදුසුකම් ලබා තිබෙනවා.
ඔබේ සිතුවිලි විශ්වයත් එක්ක කතා කරනවා.. ඒ නිසා නිතරම ධනාත්මකව දකින්න..
කවදා හරි ජීවිතේ උඩටම යන්න.. ඒ ලෝකෙට පේන්න නෙවෙයි.. ඔබට ලෝකය දකින්න..
බය නැතුව ප්‍රතික්ෂේප වෙන්න.. ඊට පස්සේ ඔයා තීරණය කරන්න බොරළු වගේ පයට පෑගෙනවද, දියමන්තියක් වගේ දිලිසෙනවාද, කියන එක..
අපි මොනවා කිව්වත් ජීවිතේ අපි නොහිතන දේවල් සිද්ධ වෙන්නේ සංසාරේ අපි කරපු පින් - පව් අනුවයි..
Share This Article