"ඒ ඇවිල්ලා විනාඩි 2ක් වත් ගියේ නෑ.. පස් දෙනෙක් ගියා.." දැදුරු ඔයේ ඛේදවාචකය ගැන ඇසෙන කඳුළු කතාව මෙන්න..
Thursday, 06 November 2025 - 16:04 | Views - 105
ප්‍රදේශවාසීන් එදත් සුපුරුදු විදිහටම එක් වුණේ සතුටු වෙන්නයි. ඒ වගේමයි, එදා දවසේ මේ එවගේ අනතුරක් වේවි කියලා කිසිවෙකුට ඉඟියකින්වත් හිතෙන්න නැතුව ඇති. මේ අන්න ඒ ඛේදවාචකය ගැන අද ඇසෙන කතාවයි. තරුණයින් ඇතුළු 5 දෙනෙකුට මරු කැඳවූ දැදුරු ඔයේ ඛේදවාචකයට හේතුව එහි ඇති අවදානම පිලිබඳව පවතින නොදැනුවත්කම බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම අවදානම් ස්ථානය පිලිබඳව නිසි දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කල යුතු බවයි . කොහොම වුණත් ඒ අහිමි වුණු ජීවිත ගැන අද ඇසෙන්නේ මෙවැනි ශෝඛාන්තයක්. කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට මුන්නේෂ්වරම් දේවාලය වැඳපුදා ගැනීමට ගිය පිරිසක් දැදුරු ඔය පාලම යට දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබුණා. පුද්ගලයින් දස දෙනෙකුට වැඩි පිරිසක් එම එම අවස්ථාවේදී දිය නෑම සඳහා එක්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඉන් පස්දෙනෙක් එක් ස්ථානයකත් තවත් 5 දෙනෙක් ඊට එහායින් පිහිටි ස්ථානයකත් දිය නාමින් සිටියදීයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ. එහිදී අනපේක්ෂිතව එම පිරිසෙන් අට දෙනෙක් දියේ ගිලී තිබෙනවා. ගැඹුරු ප්‍රදේශයේ දිය නාමින් සිටියදී දියේ ගිලුණු 5 දෙනාගෙන් එක් අයෙකු ප්‍රදේශවාසීන් මැදිහත්ව දැඩි පරිශ්‍රමයකින් පසු බේරාගෙන ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කෙරුණත් පසුව ඔහු මියගොස් තිබුණා. සිද්ධිය වාර්තා වු මොහොතේ පටන්ම අතුරුදන් වූ සෙසු පිරිස සොයා පොලිස් ජීවිතාරක්ෂක එකකයේ නිලධාරීන්, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එ‍ක්ව දැඩි ප්‍රයත්නයක නිරත වුණා. පසුව ඊයේ රාත්‍රි 7 පමණ වන විට අතුරුදන්ව සිටි සිව්දෙනාගේ මළසිරුරු සොයා ගැනීමට ඔවුන්ට හැකිවුණා. අවුරුදු 12, 16, 17, 19 වයස්වල පසුවන දරුවන් සහ 27 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකුද මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා. දැදුරු ඔය ජලාශයට බිලි වූ කිරිබත්ගොඩ මාකොළ සිරිමංගල පාරේ පදිංචි උදාර ඉන්ද්‍රජිත් සපුගස් කන්ද මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට තිබෙනවා. මෙම ඛේදවාචකයෙන් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකුද මිය ගිය අතර ඔවුන් කිරිබත්ගොඩ මාකොළ බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන්. වැඩිමල් සහෝදරයා 27 වැනි වියේ පසුවු නිලංග දිල්ෂාන් වන අතර ඔහු ලබන වසරේ පෙබරවාරි මස ජපානයේ රැකියාවකට යාමට බලාපොරොත්තුවෙන් සිටි අයකු බවයි එම පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ. ඔහුගේ බාල සහෝදරයා වන 17 හැවිරිදි පන්සිලු මල්ශාන් වන අතර ඔහු කැලණිය ධර්මාලෝක විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්. ඔහු විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමද නියෝජනය කර පදක්කම් රාශියක් දිනූ ක්‍රීඩකයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දැදුරු ඔයේ ගිලී මිය ගිය පස්දෙනාගේම මෘත ශරීර මේ වන විට හලාවත මහ රෝහලේ මෘත ශරීරාගායේ තැන්පත් කර තිබෙනවා. මේ අතර හලාවත මහ රෝහලේ සහ හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂකවරුන් දැදුරු ඔයේ ස්ථානීය පරීක්ෂණය පැවැත්වීමට පැමිණියා. අදාළ ස්ථානයේ දියනෑම අනතුරුදායක බවට දැක්වෙන පුවරුද ප්‍රදර්ශනය කර තිබෙන අයුරු දක්නට ලැබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top