වෛද්‍ය කාර්යමණ්ඩලය ඇයට හිස නමා ආචාර කරයි.. 17 හැවිදිරි යෞවනියක් ගැන ඇසුණු අනුවේදනීය කතාව මෙන්න..
Wednesday, 05 November 2025 - 11:35 | Views - 97
සෑම දෙයක්ම අවිනිශ්චිත මේ ලෝකේ ජීවිතය කියන්නෙත් තවත් අවිනිශ්චිත එක් නවාතැන්පොළක් විතරයි. මේ කියන්න යන්නෙත් හදවත් සංවේගයෙන් පුරවන තවත් වෙනස් කතාවක්. කවුරුත් නොහිතන අවාසනාවන්ත ඉරණමකින් ජීවිතය නිමාකළ 17 හැවිරිදි තරුණියක් වුණු ඇයට අවසන් මොහොතේ හිමිවුණු ගෞරවයක් ගැන මේ කතාව ඇසෙන්නේ චීනයෙන්. මුහුණුපොතේ ඒ ගැන පළවුණු සටහන මෙන්න.. "තවත් ආත්මයක් නොපතන මිනිස්සු 17 හැවිරිදි දියණියක වෙනුවෙන් දොස්තරලා හිස නමයි! මේක හදවතට දැනෙන ඡායාරූපයක්. පින්තූරයේ ඉන්නේ චීනයේ රෝහලක වෛද්‍ය කාර්ය මණ්ඩලය. ඔවුන් සියලු දෙනාම එකට එකතු වෙලා හිස නමා ආචාර කරන්නේ ඇඳ මත ඉන්න මේ 17 හැවිරිදි දැරියටයි. ඇය මිය ගියත්, ඇගේ පවුලේ අය ගත්තු නිවැරදි තීරණය නිසා ඇගේ අවයව කිහිපයක් දානය කරන්න පුළුවන් වුණා. මේ නිසා, තවත් මිනිස් ජීවිත කිහිපයක් බේරගන්නට හැකි වුණා. වෛද්‍යවරුන් මේ විදියට හිස නමා ආචාර කරන්නේ ඒ තරුණියගේ කැප කිරීමටත්, ඇගේ පවුලේ ත්‍යාගශීලී තීරණයටත් ගෞරවය පල කරන්නයි. ජීවිතය තෑග්ගක් දෙන ඒ උතුම් තීරණයට මේ වගේ ගෞරවයක් ලැබීම කොච්චර වටිනවද නේ.."
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top