මේ දිනවල පවතින වෛරස සහ ඉන්ෆ්ලුවන්සා රෝග තත්ත්ව ගැන දැනුවත් වෙන්න..
Wednesday, 05 November 2025 - 11:33 | Views - 101
ඔබත් මේ ගැන අවදානයෙන්ද..? මේ දවස්වල නිතර නිතරම අසනීප වෙන කෙනෙක් නම් මේ කියන කාරණය ඔබටත් වැදගත් වේවි.. ශ්වසන පද්ධතිය ආශ්‍රිතව පවතින වෛරස සහ ඉන්ෆ්ලුවන්සා රෝග තත්ත්වය සමාජයේ පැතිර යාම හේතුවෙන් මේ දිනවල බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවදානම් කාණ්ඩ යටතේ සිටින පුද්ගලයන් වඩා සැලකිලිමත් විය යුතු බවයි. මේ පිළිබඳව අදහස් පළකළ කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ චන්න පෙරේරා පවසා සිටියේ මෙවැනි අදහසක්. ''ඉන්ෆ්ලුවන්සා A සහ B යනුවෙන් වෛරස් වර්ග 2ක් තිබෙනවා. වර්ෂයේ මැද භාගයේදී සහ අවසාන භාගයේදී රෝගීන්ගේ වැඩි වීමක් තිබෙනවා. ඉන්ෆ්ලුවන්සා තත්ත්වයේදී රෝග ලක්ෂණ වැඩි වීමක් තිබෙනවා. පැරසිටමෝල් දුන්නත් උණ සමනය නොවෙන්න පුළුවන්. මෙම තත්ත්වය දින 2 - 3ක් අතර පවතින්න පුළුවන්. තද හිසරදය, උගුරේ වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව, කිවිසුම් යාම වැනි තත්ත්ව ඇතිවිය හැකියි. මෙයට ලක්විය හැකි අවදානම් කාණ්ඩ, - අවුරුදු 1කට වඩා කුඩා දරුවන් - අවුරුදු 65ට වැඩි වැඩිහිටියන් - ගර්භණී කාන්තාවන් - නිධන්ගත රෝග ඇති අය උණ අඩු නොවුණත් වැඩි ඖෂධ මාත්‍රා දීම සුදුසු නැහැ. ඉතා තද උණ තිබෙනවානම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top