එයාර් ඉන්දියා අනතුරින් දිවි ගලවාගත් එකම පුද්ගලයාගේ සංවේදී කතාව මෙන්න..
Tuesday, 04 November 2025 - 14:26 | Views - 97
ඒ බිහිසුණු අනතුර, අදටත් බොහෝ දෙනාට මතකයේ ඇති මේ කියන්න යන්නේ මාස ගණනකට පසු ඇසෙන ඒ විශේෂ ආරංචිය මොකක්ද කියලා දන්න්වාද? මගීන් 241 දෙනෙකුගේ ජීවිත බිලිගත් එයාර් ඉන්දියා ගුවන් යානා අනතුරින් දිවි ගලවාගත් එකම පුද්ගලයා වන විශ්වෂ්කුමාර් රමේෂ් ප්‍රකාශ කර ඇත්තේ, තමා ජීවත්ව සිටින ලොව වාසනාවන්තම මිනිසා" ලෙස හැඟෙන නමුත්, ශාරීරිකව සහ මානසිකව දැඩි පීඩාවකින් පෙළෙන බවයි. ගුවන් යානය කඩා වැටීමෙන් පසු සුන්බුන් අතරින් ඉවතට ඇවිද යන ආකාරය දැක්වෙන වීඩියෝ දසුන් මුළු ලෝකයම මවිතයට පත් කළ අතර, රමේෂ් එය හැඳින්වූයේ "ආශ්චර්යයක්" ලෙසයි. කෙසේ වෙතත්, මෙම අනතුරේදී ආසන කිහිපයක් එහායින් සිටි තම බාල සොහොයුරා වන අජේ අහිමි වීම හේතුවෙන් තමාට සියල්ල අහිමි වූ බව ඔහු බීබීසී පුවත් සේවය සමග අදහස් දක්වමින් කඳුළු සලමින් පවසා තිබෙනවා. ලන්ඩන් බලා යන අතරතුර ඉන්දියාවේ අහමදාබාද්හිදී ගුවන්ගත වී කෙටි වේලාවකට පසු සිදුවූ මෙම අනතුරින් දිවි ගලවා ගැනීමෙන් පසු ලීසෙස්ටර්හි පිහිටි සිය නිවසට පැමිණි රමේෂ්, පශ්චාත් කම්පන ආතති ආබාධයෙන් (PTSD) පෙළෙන බව ඔහුගේ උපදේශකයෝ පවසනවා. මෙම තත්ත්වය හේතුවෙන් ඔහුට සිය බිරිඳ සහ සිව් හැවිරිදි පුතා සමග කතා කිරීමට පවා නොහැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. "මම දිවි ගලවාගත් එකම කෙනා. තාමත් මට විශ්වාස කරන්න බැහැ. ඒක ආශ්චර්යයක්. මට මගේ සහෝදරයාවත් නැති වුණා. ගිය අවුරුදු කිහිපය පුරාම ඔහු මට සහයෝගය දුන්නා." "දැන් මම තනිවෙලා. මම කාමරේට වෙලා තනියම ඉන්නවා, බිරිඳවත්, පුතාවත් කතා කරවන්නේ නැහැ. මම කැමතියි ගෙදර තනියම ඉන්න," ඔහු වැඩිදුරටත් කියා සිටියා. "ශාරීරිකව, මානසිකව, ඒ වගේම මගේ පවුලත්, මානසිකව පීඩා විඳිනවා. මගේ අම්මා මාස හතරක් තිස්සේ හැමදාම දොර ළඟ වාඩි වෙලා, කතා කරන්නේ නැහැ, කිසිවක් කරන්නේ නැහැ. මම රෑ පුරාම කල්පනා කරනවා, මම මානසිකව පීඩා විඳිනවා. මුළු පවුලටම සෑම දිනක්ම වේදනාකාරීයි." යනුවෙන් අනතුරෙන් පසු තමාට සහ තම පවුලට ඇති වූ දුෂ්කරතාව ඔහු විස්තර කර තිබෙනවා. ඔහු පැවසුවේ අනතුරින් පසු තම කකුලේ, උරහිසේ, දණහිසේ සහ පිටුපස ඇති වූ වේදනාවෙන් තවමත් තමා පෙළෙන බවත්, එම ඛේදවාචකයෙන් පසු තමාට රැකියාවට යාමට හෝ රිය පැදවීමට නොහැකි වූ බවත්. ඔහු අනතුර සිදුවන අවස්ථාවේ යානයේ 11A ආසනයේ සිට ඇති අතර, ගුවන් යානයේ බඳෙහි ඇති වූ විවරයක් හරහා බඩගාගෙනයි ඉවතට පැමිණ ඇත්තේ. ගුවන් යානයේ ගමන් කළ 241 දෙනාගෙන් 169 දෙනෙකු ඉන්දියානු ජාතිකයින් වන අතර 52 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයින්.
Share This Article
Hiru Tv Blog
අද ඇයට ගොඩක් විශේෂ දවසක්.  අතුල - සමිතා යුවලගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරිගේ...
Hiru Tv Blog
ටනාෂා හතරසිංහ කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  ඔන්න...
Hiru Tv Blog
උමාරා සිංහවංශ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂතම ගායිකාවක් සහ සංගීත ආචාර්යවරියක්..ඇගේ...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top