දෙහිවල සත්තු වත්තේ , ඇරබියන් ඔරෙක්ස් ගව පවුලට , පිරිමි පැටවෙක්... (Photos)
Monday, 03 November 2025 - 12:59 | Views - 206
මේ කියන්න යන්නේ , ලෝකයේ වඳ වීගෙන යන සත්තව කොටසක් ගැන අහන්න ලැබුණු සතුටු ආරංචියක් ගැනයි..

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ඇරබියන් ඔරෙක්ස් ගව පවුලට තවත් පිරිමි පැටවෙකු උපත ලබා තිබෙනවා. මේ වන විට ඇරබියන් ඔරෙක්ස් ගවු පවුලේ පිරිමි සතුන් දෙදෙනෙකු සහ ගැහැණු සතුන් දෙදෙනෙකු සිටිනවා. මසක් වයසැති පැටවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි සත්වෝද්‍යාන බලධාරීන් සඳහන් කළේ.

පෙරදිග අර්ධ කාන්තාරය නිජබිම කරගත් මෙම සතුන් ලොව වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින සත්ව විශේෂයක් ලෙස රතුදත්ත පොතට ඇතුළත් කර තිබෙනවා.

ඒ, දඩයක්කරුවන් මස් පිණිස සහ අංතට්ටු ලබා ගැනීම සඳහා මෙම සතුන් ඝාතනය කිරීම නිසා බවටයි සඳහන් වන්නේ.

මොවුන්ගේ වයස් සීමාව වසර 18 ත් 20 ත් අතර වන අතර, සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 60 ත් 65 ත් අතර වනවා.

මෙම සතුන් ලෝකයේ සත්වෝද්‍යානය තුළ සුරක්ෂිත කර, බෝ කිරීම් සිදු කරනු ලබනවා.

දැනට ලෝකයේ ඇරබියන් ඔරෙක්ස් ගවයින් ජීවත්ව සිටින්නේ 6000 ත් 7000 ත් අතර සංඛ්‍යාවක් පමණක් බවයි සඳහන් වන්නේ. 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top