යතුරුපැදිය බුත්තල පාරේ දමා ගිහින්.. වැලිගම සභාපතිගේ මරණය ගැන තවත් වෙනස් කතාවක් හෙළිවෙයි..
Saturday, 01 November 2025 - 16:24 | Views - 120
මේ සිද්ධිය ගැන තවමත් බොහෝ දෙනෙක් කතා වෙනවා.. ඒ මේ ඝාතනයට අදාල පිරිස සොයා තවමත් මෙහෙයුම් සිදුවෙන නිසා කියලා කියන්න පුළුවන්.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බව කියන යතුරු පැදිය කතුරගම බුත්තල පාරේ 16 කණුව අසල කැලයේ දමා ගොස් තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් සොයාගනු ලැබ තිබෙනවා.
සැකකරුවන් අම්බලන්තොට ප්‍රදේශයට පැමිණ කැකිරාව ප්‍රදේශයට ගොස් ඇත්තේ කතරගම බුත්තල මාර්ගය ඔස්සේ බවයි අනාවරණ වී ඇත්තේ. ඒ යන අතරමගදී යතුරු පැදියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර එය කැලයේ දමා ගොස් තිබියදී සොයාගෙන ඇත්තේ එම යතුරු පැදියයි.
Share This Article