ලෝයර් නෝනා පාතාල හිතවතියක්ද..? පොලිස් විමර්ශනවලින් හෙළිවූ තවත් කාරණා කිහිප‍යක් මෙන්න...
Saturday, 01 November 2025 - 16:18 | Views - 138
අපරාධකරුට ගිනි අවිය සඟවා ගෙන යෑමට දණ්ඩනීති පොත, ව්‍යාජ හැඳුනුම්පත, වාහන අවසර පත හා නීතිඥ ටයි පටි දුන්නෙත් ඇයයි. මෙවන් චෝදනා ගණනාවක් එල්ල වුණු මේ නීතිඥවරිය කවුද? පොලිස් විමර්ශනවලින් හෙළි වූ ඒ කාරණා මොනවාද? බොහෝ දෙනෙක් මේ ගැන කතා කරනකොට මේ අන්න ඒ සිද්ධිය ගැන තවත් කාරණයක්. අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී පාතාල නායක ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරිය මෙහෙයවා ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගේ සමීපතම සගයා වන ‘දරූන්’ නමැති පාතාල අපරාධකරු බව විමර්ශනවලින් හෙළිවී ඇත. සංජීව ඝාතනය කිරීමට ඉෂාරා සෙව්වන්දිට පිස්තෝලය සඟවාගෙන ඒම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ පිටපත් දෙකක් ලබාදී ඇත්තේ ද මෙම නීතිඥවරිය විසින් බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා. ඊට අමතරව ඉෂාරා සෙව්වන්දිට ව්‍යාජ නීතිඥ හැඳුනුම්පතක් සකස් කර දීම, නීතිඥවරුන් සඳහා නිතුත් කරන වාහන ඇතුළු කිරීමේ අවසර පත්‍රයක් සහ නීතිඥ ටයි පටි දෙකක් ලබාදී ඇත්තේ ද මෙම සැකකාර නීතිඥවරිය විසින් බව හෙළිවී ඇත. පොලිසිය පවසන අන්දමට සැකකාර නීතිඥවරිය කාලයක සිට කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුගේ සමීපතම ගෝලයකු වන දරූන් අතර සබඳතා පවත්වාගෙන ගොස් තිබේ. ඒ සම්බන්ධතා උඩ පද්මේගේ උපදෙස් මත මෙම නීතිඥවරිය සංජීව ඝාතනය සඳහා සහායවීමට ඉදිරිපත් වී තිබේ. දරූන්ගේ උපදෙස් මත මෙම නීතිඥවරිය ඉෂාරා සෙව්වන්දි මුණගැසී සංජීව ඝාතනයට අවශ්‍ය පහසුකම් සපයා ඇත. ඒ අනුව සංජීව ඝාතනය සඳහා පිස්තෝලය අධිකරණය වෙත රහසිගතව රැගෙන යෑමට අපරාධ විධිවිධාන සංග්‍රහයේ පිටපත් 2ක් ලබාදී තිබේ. සංජීව ඝාතනය සඳහා මෙහි එක් පිටපතක ඇතුළත පිටු කපා දමා එහි පිස්තෝලය සඟවාගෙන යෑමට ඝාතකයා කටයුතු කර තිබිණි. ඊට අමතරව ඉෂාරා සෙව්වන්දිට අධිකරණයට ඇතුළු වීම සඳහා නීතිඥ සංගමය මගින් නිකුත් කරන හැඳුනුම්පත ව්‍යාජ ලෙස සකස් කර දීමට ද කටයුතු කර තිබේ. මේ අතර අධිකරණ භූමියට වාහනයක් ඇතුළු කිරීම සඳහා නීතිඥවරුන්ට ලබාදෙන වාහන ඇතුළු කිරීමේ බලපත්‍රයක් ද සෙව්වන්දිට ලබාදී ඇත්තේ මෙම නීතිඥවරිය විසින් බව හෙළිවී ඇත. මෙම ඝාතනය සිදුකළ කොමාන්ඩෝ සලිඳුට නීතිඥ ඇඳුමින් සැරසී යෑමට අවශ්‍ය නීතිඥවරුන් පළඳින ටයි පටි දෙකක් ද සෙව්වන්දිට ලබාදී ඇත්තේ මෙම නීතිඥවරිය විසින් බවට විමර්ශකයන් විසින් හෙළි කරගෙන තිබේ. සැකකාර නීතිඥවරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇත. සංජීව ඝාතනය සඳහා ආධාර අනුබල දුන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දිගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම නීතිඥවරිය පිළිබඳ තොරතුරු අනාවරණය විය. ඒ අනුව විමර්ශන නිලධාරීන් කඩවත ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙම නීතිඥවරිය අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ පෙරේදා (28දා) රාත්‍රියේදීය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි. පද්මේ ඇතුළු පාතාල කල්ලිය ඩුබායි සිටියදී පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ලින්ටන් සිල්වා මහතාට මරණීය තර්ජන එල්ල කර බැණවදින හඬපටයක් පසුගිය දිනවල ප්‍රචාරය වී තිබිණ. එම හඬපටයේ ලින්ටන් මහතාට පරුෂ වචනයෙන් බැණවැදී මරණ තර්ජනය එල්ල කරන්නේ දරූන් නමැත්තාය. පද්මේ ඇතුළු පාතාල කල්ලිය ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දරූන් සිට ඇත්තේ ඩුබායි රාජ්‍යයේ ය. මේ වනවිටත් දරූන් ඩුබායි හි රැඳී සිටින බව පොලිසිය පවසයි. දිවයින පුවත්පත ඇසුරෙන්..
Share This Article
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top