උපකාරක පන්ති එළබෙන 04 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්..
Saturday, 01 November 2025 - 16:16 | Views - 145
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වැනිදා ආරම්භ වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.
ඒ අනුව මෙම විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්රණ පැවැත්වීම ලබන 04 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාගය අවසන් වන තුරු එම තහනම ක්‍රියාත්මක බවයි.
මේ අතර, නොවැම්බර් මස 10 වැනිදා ආරම්භවීමට නියමිත මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
Share This Article