මිනිස් මොළයටත් අභියෝග කරන ඇප් එකක්.. මොකක්ද මේ ඇසෙන ආරංචිය..
Saturday, 01 November 2025 - 16:12 | Views - 111
-Recovered-Recovered.jpg)
තාක්ෂණය මේ තරම්ම දියුණුද.? මේ වගේ කතා අහනකොට ඔබටත් එහෙම හිතෙන්න පුළුවන්.
නමුත් තාක්ෂණයේ දියුණුව අද මිනිස් මොළයටත් අභියෝග කරන කාරණයක් වුණු බව මේ ඇසෙන කතාවෙන් ඔබටත් පැහැදිලිවේවි.
අමෙරිකානු සමාගමක් විසින් නිපදවන ලද මනස පුහුණු කරන යෙදවුමකින් වයස්ගත පුද්ගලයන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයේ ඇතිවන පරිහානිය වසර දහයකින් පමණ ආපසු හැරවීමට සමත් වී ඇතැයි කැනේඩියානු විද්‍යාඥයින් විසින් කරන ලද පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.
"JMIR Serious Games" නම් විද්‍යාත්මක සඟරාවේ පළ වී ඇති 'මැක්ගිල් විශ්ව විද්‍යාලයේ සහ පොසිට් සයන්ස් කෝපරේෂන්' ආයතනයේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුවයි මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ.
මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කළ හැකි බව පෙන්වා දුන් පළමු ඖෂධමය නොවන මැදිහත්වීම මෙය බවට ස්නායු විද්‍යාඥයෝ සඳහන් කර තිබෙනවා.
මෙම පරීක්ෂණය සඳහා වයස අවුරුදු 65ට වැඩි නිරෝගී වැඩිහිටියන් 82 දෙනෙකු යොදා ගත් අතර, ඔවුන් සති 10ක් පුරා දිනකට විනාඩි 30ක් මෙම යෙදවුමේ වේගවත් ක්‍රීඩා හෝ සාමාන්‍ය පරිගණක ක්‍රීඩා කර ඇති බව සඳහන්.
සති 10 අවසානයේදී, මෙම ක්‍රීඩා කළ කණ්ඩායමේ මොළයේ ස්කෑන් පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ, මතකයට සහ අවධානයට වැදගත් වන මොළයේ කොලිනර්ජික් නම් සංඥා පද්ධතියේ ක්‍රියාකාරිත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
පර්යේෂකයන් පවසා ඇත්තේ, මෙම වැඩිවීම සාමාන්‍යයෙන් වසර 10ක් තුළ මොළයට සිදුවන වයස්ගත වීම ආපසු හැරවීමකට සමාන වන බවයි.
මෙම මොළ පුහුණු යෙදවුම දැනට වෙළඳපොලේ මිලදී ගැනීමට තිබුණද, මෙම වෙනස්කම් ස්ථිරද යන්න හෝ වැඩිහිටි පුද්ගලයන්ගේ එදිනෙදා මතකය හෝ අවධානය කෙරෙහි සැබෑ වෙනසක් ඇති කරන්නේද යන්න තවමත් අවිනිශ්චිත නෑ.
කෙසේ වෙතත්, මොළයේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා මෙවැනි සරල ක්‍රම හඳුනා ගැනීමෙන් සෞඛ්‍ය සේවා වියදම් අඩු කිරීමට සහ වැඩිහිටි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට විශාල විභවයක් ඇති බවයි පර්යේෂකයෝ අවධාරණය කරන්නේ.
Share This Article