පෝලන්තයේ සිට ලංකාවට අද ඉඳලා එන අමුත්තා කවුද කියලා දැනගන්න කැමතියිද..?
Friday, 31 October 2025 - 16:18 | Views - 122
මේ කියන්න යන්නේ තවත් විශේෂ ආරංචියක්.
මේ නිසා යුරෝපය සමඟ ශ්‍රී ලංකාවේ සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් වේවි කියා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.
පෝලන්තයේ එන්ටර් එයාර් ගුවන් සේවය (Enter Air) ශීත සෘතුව වෙනුවෙන් අද සිට කොළඹට ගුවන් සේවා දියත් කිරීම සිදුවෙනවා.
පෝලන්ත වරලත් ගුවන් සේවයක් වන එන්ටර් එයාර්, අද සිට වෝර්සෝ සහ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර නිතිපතා වරලත් ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
මෙම නව සේවාව මෙම සතියේ ශ්‍රී ලංකාවට මෙහෙයුම් ආරම්භ කරන සිව්වන ගුවන් සේවය ලෙසයි වාර්තා වෙන්නේ.
මේ හේතුවෙන්, එළඹෙන ශීත සමය සඳහා රට තුළට පැමිණෙන සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවිය හැකි බවට විශ්වාස කරනවා.
Share This Article