ඇගේ රන් තාලිය 10කට ආසන්නයි.. විවාහයට දින ගනිමින් සිටි තරුණියකට අත්වුණු ඉරණමක් ගැන ඇසෙන කණගාටුදායක පුවතක් මෙන්න..
Friday, 31 October 2025 - 16:16 | Views - 146
විවාහයකට සූදානම් වෙන ඇය මෙවන් සිද්ධියක් ගැන කිසිම මොහොම සිටන්නට වත් නැතුව ඇති.
මනාලියක් වෙන්න පෙරුම් පිරූ ද්‍රවිඩ තරුණියකට අත්වුණු ඉරණම ගැණයි මේ කතාව.
තරුණියකගේ විවාහයට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ තිස් එකක් පමණ වටිනා රන් තාලි කොඩියක් සොරකම් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මේ පුවත ඇසෙන්නේ මඩකළපුවෙන්.
ද්‍රවිඩ කාන්තාවක්ට අයත් විවාහයේදී ගෙළ පළදවන මෙම රන් තාලි කොඩිය පවුම් 10ක් පමණ බරින් යුක්ත බව සඳහන්.
නිවසේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් මෙම සොරකම සිදු කරන්නට ඇති බවයි සැක කෙරෙන්නේ.
මෙම සොරකම 2025 ඔක්තෝබර් 20 සිට 29 දක්වා වූ දින කිහිපය අතරතුර සිදුව ඇති බවට වාර්තා වනවා.
සිද්ධිය පිළිබඳව මඩකලපුව පොලිස් ස්ථානයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මඩකලපුව පොලිසිය විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර පර්යේෂණ සිදුකරනවා.
Share This Article