වෙළඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 5 ඉක්මවා ගිය ලෝකයේ පළමු සමාගම බවට, Nvidia සමාගම පත්වෙයි...
Thursday, 30 October 2025 - 17:02 | Views - 175
මේක ඇත්තෙන්ම ඉතිහාසගත ජයග්‍රහණයක්. Nvidia ලොව ප්‍රමුඛ පෙළේ සමාගමක් ලෙස මෙය කා අතරත් ජනප්‍රියයි. ඔබ දන්නවාද මේ වෙනකොට හැමෝම මේ සමාගම ගැන කතා කරන්නේ ඇයි කියලා. Nvidia, ලොව පළමු ඩොලර් ට්‍රිලියන 5 සමාගම බවට පත්ව තිබෙනවා. AI චිප් නිෂ්පාදනයේ දැවැන්තයා වන Nvidia සමාගම, ලොව ප්‍රථම වතාවට ඩොලර් ට්‍රිලියන 5 ක වෙළෙඳපොළ වටිනාකමක් (Market Capitalization) වාර්තා කළ සමාගම ලෙස ඉතිහාස ගත වී ඇති අතර, මෙය Nasdaq කොටස් වෙළෙඳපොළේ (Nasdaq-listed) ලැයිස්තුගත වූ සමාගමක් අත්කර ගත් ඉහළම වටිනාකම ද වෙනවා. ඉකුත් අඟහරුවාදා දිනයේදී Nvidia කොටස් මිල 5% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඩොලර් 201.03 ක වාර්තාගත ඉහළම අගයකට ළඟා වීමටද එහිදී හැකියාව ලැබී තිබෙනවා. මෙම තියුණු වර්ධනයට ප්‍රධාන හේතු වූයේ, Nvidia සමාගම සිය AI ප්‍රොසෙසර සඳහා ඩොලර් බිලියන 500 ක වටිනාකමකින් යුත් ඇණවුම් ලැබුණු බව නිවේදනය කිරීම සහ එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුව (U.S. Department of Energy) සඳහා නව සුපිරි පරිගණක (supercomputers) හතක් නිපදවීමට සැලසුම් කිරීමයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top