දුටු දෙයින් සියල්ලන් කම්පනයට පත් වෙයි.. අබිරහසක් ඉතුරු කරමින් ශ්‍රී ලාංකික කතක් ඉන්දියාවේදී මිය යයි..
Friday, 24 October 2025 - 10:43 | Views - 154
මේ කතාව ඇසෙන විටම ඔබට දැනෙනවා ඇත්තේ චකිතයක්. ඇයට මෙහෙම දෙයක් සිදුවුණේ කොහොමද..? බොහෝ දෙනෙකුට නැගෙන ප්‍රශ්නය වන්නේ එයයි. ඒත් දැන් මේ කාන්තාව ජීවිතයෙන් සමුගෙන ගොස් අවසානයි. ඉතිරිව ඇත්තේ ඇගේ මේ සැකකටයුතු මරණය ගැන විධිමත් පර්‍යේෂණයක් සිදු කිරීම පමණයි. ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රාවස්ති දිස්ත්‍රික්කයේ හෝටලයකදී 71 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් සිටියදී සොයා ගත් බව එරට පොලීසිය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එරට වාර්තා සඳහන් කළේ මියගිය කාන්තාව, සුනිල් ශාන්ති ද සිල්වා නමැත්තකුගේ බිරිඳ වන කෝදාගොඩ නම් අයකු බවයි. 
 
ඇය බෞද්ධ ස්ථාන වන්දනා කිරීමට සංචාරය කිරීම සඳහා කොළඹින් පැමිණි සංචාරකයින් 46 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සාමාජිකාවක්. සිද්ධිය වූ දින, එනම් පසුගිය බදාදා උදෑසන, ඇය දිගු වේලාවක් තම හෝටල් කාමරයෙන් පිටතට නොපැමිණීම නිසා සෙසු සංචාරකයින්ට සැකයක් ඇති වී තිබෙනවා. ඔවුන් හෝටල් කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව කාමරය විවෘත කළ අතර, එහිදී මෙම කාන්තාව මියගොස් සිටිනු සොයාගැනුණා. හෝටල් කාර්ය මණ්ඩලය කළමනාකරුට මේ බව දැනුම් දුන් අතර, පසුව ඔහු පොලීසිය දැනුවත් කළ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. සිද්ධිය වූ ස්ථානයට පැමිණි පොලීසිය සිරුර භාරගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර තිබුණා. 
 
මේ පිළිබඳව දිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද දැනුවත් කර ඇති අතර ශ්‍රාවස්ති පොලිස් අධිකාරී රාහුල් භාටි පසුව ප්‍රකාශ කළේ, කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවල අපරාධකාරී ක්‍රියාවක සලකුණු නොතිබූ බවයි. එය ස්වභාවික හේතුවක් මත සිදු වූ මරණයක් බවත් ඔහු සඳහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලක් ගොනු කර නොමැති අතර, සංචාරක කණ්ඩායම මළ සිරුර ඔවුන් සමඟ රැගෙන ගොස් ඇති බව ලාල් සහාබ් සිං වැඩිදුරටත් පවසා සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top