සැමියාගේ ජංගම දුරකතනයේ රූමත් තරුණියකගේ ඡායාරූප පෙළක්.. ඇය කවුද..?
Friday, 24 October 2025 - 10:41 | Views - 192
මොහු දකුණේ ඈත ගමක ආයතනයක නිලධාරියෙක් වුණා. ඔහු විවාහ ගිවිසගත්තේ ද හිමිවෙන දෑවැද්ද අනුවයි. ඒ අනුව බුද්ධිය කොහොම වුණත් ලොකු දැවැද්දක් ඇති කතක් විවාහ කර ගන්න ඔහු කටයුතු කළා. පුරුෂයා භාර්යාවට වඩා හැඩයි. ඇඳුම කැඩුම පිළිවෙළයි. නිතරම සිටිනුයේ ළඟින් ගියත් නහය කඩාගෙන යන තරමේ සුවඳ හමන සුවඳ විලවුන් තවරාගෙනයි. කටේ ඇත්තෙම විහිළුයි. සිනහව මනමාලයි. කා එක්කත් සිනාසෙනුයේ ඇසක් කුඩා කොටයි. කාන්තාවන් ඉදිරියේදී එම සිනහව වඩාත් වැඩියි. භාර්යාවට මෙය නොදිරෙව්වා. මේ කරුණු කාරණා නිසා ඇය සිටියේ ඔහු ගැන සැකයෙන්. තමාගේ රූප සොභාවද මනසට පැමිණීමත් ඇයට මේ සඳහා මනා පිටිවහලක් වුණා. මේ නිසාම ඇය සැමියා ගැන හැම කිස්සේම සිටියේ හොඳ සෝදිසියෙන්. 
 
විශේෂයෙන්ම සැමියා රැකියාවට ගොස් නිවෙසට පැමිණි විට ඔහුගේ කාර්යාලයීය ගමන් මල්ල, ඔහු ඇන්ද ඇඳුම, පැලඳුම ඇය අතින් විශේෂ පරීක්ෂාවකට ලක්වනුයේ පුරුද්දක් ලෙස‍යි. ඔහුගේ නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දුරකතනයට ද එය පොදුයි. මේ පරීක්ෂා කිරීම්වලදී ඇයට නොගැළපෙන දෙයක් හමුවූ විට දෙන්නා අතර රණ්ඩු සරුවල් ඇති නොවුනාම නොවේ. මේ අරභයා ගහ මරා නොගත්තත් ඇය ඇතැම් අවස්ථාවලදී දෑවැද්ද පෙරට විත් ඔහුට නිහඬ වීමටත් සිදු වූ වාර අනන්තයි. එදා ද ඔහු රාජකාරිය නිමවා නිවෙසට පැමිණියේ ටිකක් හවස් වෙලායි. එන කොට කටින් ඉඳහිට එන අමුතු සුවඳක්ද ඇයගේ නාසය පසාරු කරගෙන ගියාය. වෙනදට වඩා සැමියා සිටියේ සතුටෙනි. ඒ සමගම ඔහු ඇය සමග වැඩි කතා බහක් නැතිව නාන කාමරයට වැදී ගීතයක කොටසක් මුමුණමින් ස්නානය කරමින් සිටියා. ඇයගේ සැකය වැඩි වුණා. 
 
කාර්යාලයීය ගමන් මල්ල පරීක්ෂා කළාය. ඇඳුම් පැලඳුම් ටික පරීක්ෂාවට ලක්වුවේ ඉන් අනතුරුවයි. කිසිම සැක සහිත දෙයක් ඉන් ඇයට හමු නොවුවා. ස්මාර්ට් ජංගම දුරකතනය අතට ගත්තේ ඉන් අනතුරුවයි. එහි රූමත් කතකගේ ඡායාරූපයක් සහිතව එදින අලුතින්ම ශේෂ කරන ලද දුරකතන අංකයක්. එය විවෘත කළ විට දක්නට ලැබුණේ එම කාන්තාව කෙටි පණිවුඩයක්, මේත් එක්කම අදාළ කාන්තාව යක්ෂාරූඪ වුණා. ඒ සමගම තමන්ගේ රුවත්, එම කාන්තාවගේ රුවත් ඇය සංසන්දනය කරන්නට වුණා.ඉන්නේ කොතැනද කරන්නේ කුමක්ද යන්න තේරුම් නොගිය ඇය දැවැද්දට දුන් ස්මාර්ට් දුරකතනය පොළවේ ගැසුවේ කෑලි කෑලි යනසේය. 
 
ශබ්දය ඇසී ඔහු එන විට සියල්ල සිදු වී හමාරයි. ඇය ඇඬු කඳුළින් නිවෙස බලා යාමට ඔහුට දෙස් දෙවොල් තියමින් ඇඳුම් කැඩුම් ලකලැහැස්ති කරමින් සිටියා. තමාගේ ජංගම දුරකතනය කුඩේ කුඩුය. එහි කෑලි හතර වටේ විසිරී ගොසින්. ඇය නිවසේ වහලය සෙලවෙන තරමටම හයියෙන් කෑගසමින් සිටියා. සිය ආයතනයේ සේවිකාවක ලංකාවේ පැවති අන්තර් දෙපාර්තමේන්තු තරගාවලියකින් ප්‍රථම ස්ථානය දිනීම නිමිත්තෙන් ආයතනයේ සුඛ පැතිමට ආයතන ප්‍රධානියා ඇයගේ රූපය සහිත බැනරයක් සෑදීමේ කටයුත්ත පවරා තිබුණේ තමාට බව මේ අලකංචිය මැද්දේ ඔහුට සිහි වුණා. ඒ සඳහා අවැසි ඡායාරූපයක් තම ජංගම දුරකතනයට එම සේවිකාවගෙන් ගෙන්වා ගත් බවද ඔහුගේ මනසට ගලාගෙන ආවා. මෙය පැහැදිලි කරදීමට ඔහුට පැය කිහිපයක් ගියා. සිය පියාට කියා තමා පොළවේ ගැසූ ජංගම දුරකතනය වෙනුවට ඉස්තරම්ම වර්ගයේ නවීන පන්නයේ අලුත් ජංගම දුරකතනයක් ඇය අරන්දෙන බවට පොරොන්දු වීමෙන් පසු මේ ගින්න නිවුනාලු.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top