වෙඩික්කරුගේ ඇඟිලිවල ප්ලාස්ටර්.. වැලිගම සභාපතිට වෙඩි තබා පලාගිය සැකකරු ගැන අමුතුම තොරතුරක්.. (Video)
Thursday, 23 October 2025 - 10:21 | Views - 257
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනයට පැමිණි වෙඩික්කරුවන් මාතර දෙසට ගමන් කර ඇති බවට තොරතුරු අනාවරණය වනවා.
 
විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ සිද්ධියට අදාළව ප්‍රාදේශීය සභා සේවකයින් රැසකගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 4ක් මේ වන විට යොදවා තිබෙනවා.
 
ඊයේ පෙරවරුවේ සිය නිල කාර්යාලය තුළ දී නාඳුනන තුවක්කුරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මාතර මහ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වුණා.
 
වෙඩි තැබීමේ සිද්ධිය සදහා යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති අතර ඉන් එක් අයෙකු සභාපතිවරයාගේ නිල කාමරයට ඇතුලු වී තිබුණේ ෆයිල් කවරයක් ද රැගෙනයි.
 
ප්‍රාදේශීය සභාවේ මහජන දිනයක් වූ ඊයේ සභාපතිවරයා සිය නිල අසුනේ රාජකාරි වල නිරතව තිබූ අතර ඔහු හමුවීමට තවත් කිහිපදෙනෙකු එම අවස්ථාව වනවිටත් පැමිණ තිබුණා.
 
වෙඩික්කරු සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සුදු පැහැති කමිසයකින් සැරසී කළු පැහැති මුඛ ආවරණයක් පැළද වැලිගම ප්‍රාදේශීය සභාවට පැමිණ සිටි ආකාරය සී.සී.ටී.වී. දර්ශනවල ද සටහන් වනවා.
 
ඔහු සිය වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනි අවිය අදාළ ලිපි ගොනුව තුළ සඟවා රැගෙනවිත් ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
 
කාන්තාවක් සභාපති ලසන්ත වික්‍රමසේකරගේ නිල කාමරයට ගොස් ඔහුගෙන් ලිපියක් අත්සන් කරගෙන පිටතට ඒමේදී වෙඩික්කරු එකවරම නිල කාමරයට ඇතුළු වී වෙඩි තබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
 
මියගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර 38 හැවිරිදි තිදරු පියෙක්. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top