දින පහක් ඇය මුහුදෙන් ගිය ගමන.. පිරිමි පුද්ගලයින් තිදෙනෙකුත් ඇය සමග.. සෙව්වන්දි ගිය තවත් ගමනක් ගැන හෙළිවෙයි..
Wednesday, 22 October 2025 - 12:08 | Views - 128
ඇය ආ ගිය තොරතුරු ගැන මේ වෙද්දී විවිධ පුවත් පළවෙනවා. මේ අන්න ඒ වගේ තවත් එක් කතාවක්. ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිට යාපනයේ සිට ඉන්දියාවට පලායෑමට පහසුකම් සැපයූ බව කියන ආනන්ද නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (21 දා) අත්අඩංගුවට ගෙන තිබුණා. මේ අතර ඉන්දියාවට පලා යනතුරු සෙව්වන්දිට නවාතැන් පහසුකම් සැපයූ කිලිනොච්චියේ පදිංචි කාන්තාවක ද පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර ආනන්ද නමැත්තා ජේ. කේ. බායිගේ සමීපතමයකු වන අතර පුද්ගලයන් නීතිවිරෝධි අන්දමින් මුහුදු මාර්ගයෙන් විදෙස් රටවලට යැවීමේ ජාවාරමේ යාපනය ප්‍රදේශයේ නියෝජිතයා ලෙස ද කටයුතු කර තිබෙනවා. සෙව්වන්දි ඉන්දියාවට යැවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන් පසු ආනන්ද කොළඹට ආසන්න ප්‍රදේශයක සැඟවී සිට ඇති බව පොලිසිය පවසයි. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ විමර්ශනයකදී ආනන්ද නමැත්තා අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර මේ වනවිට ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සිදුවෙනවා. ඉෂාරා සෙව්වන්දි ඉන්දියාව බලා ගොස් ඇත්තේ යාපනය මුහුදු තීරයෙන්ය. ඇය කුඩා බෝට්ටුවකින් රැගෙන ගොස් ඇති අතර එහි පිරිමි පුද්ගලයන් තිදෙනකු ද ගමන් කර ඇති අතර, සෙව්වන්දි රැගත් බෝට්ටුවට ඉන්දියාට යෑම සඳහා දින පහක් ගතවී ඇත. නාවික හමුදා ආරක්ෂක නිලධාරීන් මඟහරිමින් මෙම බෝට්ටුව ආරක්ෂිත ලෙස ඉන්දියාවට ගොස් ඇති අතර එහිදී ජේ. කේ. බායි පැමිණ සෙව්වන්දි භාරගෙන තිබෙනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න සහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙනවා. දිවයින පුවත්පත ඇසුරෙන්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top