මේ ඔබ ගෙවා දමන්නේ තීරණාත්මක කාලයක්ද..? ඔබේ ඉදිරිය ගැන හරියටම දැනගන්න මේ පලාපල ඔබට පාර කියාවි..
ඔබගේ සියලු වැඩකටයුතු සාර්ථක කරගන්න ගොඩක් දෙනෙක්ට මේ කියන්න යන කතාව ඇත්තටම වැදගත් වේවි. ඔබටත් ඔබේ පවුලේ හැමෝටමත් ඉදිරි සතිය කොහොම වේවිද? මේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්. මේ උදාවෙන සතිය ගැන දැනගන්න කැමති ඔබට මේ ඇසෙන තොරතුරු නම් විශේෂ වේවි.. මේෂ රැකියාවේ උද්යෝගයක් විශේෂ සැලසුමකට සූදානම් වන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාව මතින් ගමන් කරයි. ගෘහජීවිතය තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කර ගැනීමට හැකිවන බවක් පෙනේ. අලුත් ඥාති සබඳතා ඇති කරන සතියකි. සමිති සමාගම්වල නිලතල දැරීමට සිදුවෙයි. සතිය මැද කාලයේ දී හිතවතෙකු සමඟ හදිසි ගනුදෙනුවක් සිදුකර ගැනීමට අවස්ථාව උදා කරයි. රැකියාව රැකියාවේ කටයුතුවලට පැවැති උදාසීන බව මඟ හැරී යයි. රැකියා ස්ථානයේ අය අතර හොඳ හිත දිනාගෙන කටයුතු සිදු කරයි. රැකියාවේ ස්ථාන වෙනසක් සිදුවිය හැකි කාලයකි. සුළු සුළු ස්වයං රැකියා මාර්ගවලටද අත ගැනීමට අවස්ථාව උදාකරන බවක් පෙනේ. අධ්‍යාපනය අලුත් දේ ඉගෙනීමට කටයුතු යෙදේ. එමෙන්ම අලුත් පොත්පත් මිලදී ගැනීමකට ද කටයුතු උදා කරයි. නව දැනුම සොයායන මාර්ගවලට යොමුවෙයි. විදෙස් අධ්‍යාපනයක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. සෞඛ්‍යය නිතර ඇතිවන අතේ පයේ හිරි ගතියකට ප්‍රතිකාර පතයි. සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවේ. අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරන කාලයකි. අය 08 වැය 07 ජය අංකය – 07 ජය වර්ණය – දම් සුබ දවස – සිකුරාදා වෘෂභ වෙහෙසීම් බහුල වේ සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6 යන භාව මතින් ගමන් කරයි. ගෘහජීවිතය මවුපාර්ශවයේ ඥාතියකු සමඟ ඇති කරගත් සිත් අමනාපයක් දුරදිග යාමට ඉඩ ඇත.
අමතර වෙහෙසීම බහුල සතියකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන බවක් පෙනේ. වෙනදාට වඩා ආගමික සැලසුමක් වෙනුවෙන් මෙන්ම ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් ද වෙහෙසෙන බවක් පෙනේ. රැකියාව රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරයි. නොසිතූ ගැටලුවකට ද මුහුණපායි. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් බිඳ වැටේ. රැකියා ස්ථානයේ අය සමඟ නොසන්සුන්තාවයකින් කටයුතු කරයි. අධ්‍යාපනය අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට යොමුවන කාලයකි. අලුත් පොත්පත් මිලදී ගැනීමට කරුණු උදා කරයි. කණ්ඩායම් වැඩසටහනකට සම්බන්ධවීමට සිදුවන සතියකි. සෞඛ්‍යය ශාරීරික වෙහෙසීම් බහුල කරයි. ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. චර්මගත ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරන සතියකි. අය 07 වැය 04 ජය අංකය – 02 ජය වර්ණය – කොළ සුබ දවස – සඳුදා මිථුන බැඳීම් අලුත් කරයි යන එන තැන කැපී පෙනෙන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5 යන භාව මතින් ගමන් කරයි. ගෘහජීවිතය පවුලේ බැඳීම් අලුත් කරන කාලයකි. අලුත් කටයුතු කීපයකට අත ගැසීමට අවස්ථාව උදා කරයි. හදිසි තීරණයක් සාර්ථක කරයි. සහෝදර පක්ෂය සමඟ එකමුතු වී කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. පැවැති වගකීමකින් නිදහස් උදා කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරන කාලයකි.
රැකියාව අලුත් රැකියා බලාපොරොත්තුවක් ඉටු කරයි. උත්සාහයෙන් උනන්දුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යයි. රැකියා ස්ථානයේ අය අතර හොඳහිත දිනා ගන්නා බවක් පෙනේ. අතමිට සරුකරන සුළු සුළු ස්වයං රැකියා ලාභ හිමිවීමට ඉඩ ඇත. අධ්‍යාපනය උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. තරගකාරී කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. විදෙස් අධ්‍යයන කටයුතුවලට සැලසුමක් ඇති කරයි. සෞඛ්‍යය ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරයි. උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් විය යුතු කාලයකි. අය 06 වැය 05 ජය අංකය – 04 ජය වර්ණය – දම් සුබ දවස – සිකුරාදා කටක ආගන්තුක සත්කාරයක් අවිවේකී ලෙස සතිය උදා කරයි. මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4 යන භාව මතින් ගමන් කරයි. ගෘහජීවිතය මෙතෙක් කරගෙන ආ වැඩපිළිවලක් වෙනස් කිරීමට සිදුවෙයි. හදිසි තීරණයක් සාර්ථක කරයි. දරුවකුගේ ඉදිරි වැඩපිළිවළක් ගැන වෙහෙසීමට සිදුවෙයි.
ආගන්තුක සත්කාරයකට අවස්ථා උදා කරයි. එමෙන්ම අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට ද අවස්ථාව උදා කරයි. රැකියාව උත්සාහයෙන් උනන්දුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යන කාලයකි. තනතුරු හිමිකම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. හවුල් ව්‍යාපාරයකට සම්බන්ධවීමට අවස්ථා උදා කරයි. අධ්‍යාපනය උසස් අධ්‍යාපනය කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායක කාලයකි. විශේෂ පාඨමාලාවකට සහභාගිවීමට දුර පළාතකට යාමට සිදුවෙයි. එමෙන්ම දහම් අධ්‍යාපනික කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමි කරයි. සෞඛ්‍යය පපුව, පෙණහැල්ල ආශ්රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම වරින් වර ඇති කරන ක්ලාන්ත ගතිය හේතුවෙන්ද පීඩාකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න. අය 07 වැය 05 ජය අංකය – 06 ජය වර්ණය – කහ සුබ දවස – බදාදා සිංහ කලා කටයුතුවලින් උපයයි ශාරීරික වෙහෙසීම් බහුල සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3 යන භාව මතින් ගමන් කරයි. ගෘහජීවිතය වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන සතියකි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. පවුලේ ආගමික වැඩසටහනකට සැලසුමක් ඇති කරයි. නැති වූ දෙයක් නැවත හිමිකරයි. සතිය මැද කාලයේ දී ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇත. රැකියාව රැකියාවේ කටයුතු ඉතා සැහැල්ලුවෙන් විනෝදයෙන් කරගෙන යන කාලයකි.
කලා ක්ෂේත්රයේ කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු යෙදේ. අධ්‍යාපනය විවිධ අවහිරතා මැද අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලයකි. ගණිත, තාක්ෂණික අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකද අවස්ථාව උදා කරයි. සෞඛ්‍යය කොන්ද, උරහිස ආශ්රිත ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. දේශීය ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවෙයි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න. අය 06 වැය 03 ජය අංකය – 02 ජය වර්ණය – කොළ සුබ දවස – බ්‍රහස්පතින්දා කන්‍යා පවුල් අවුල් නිරවුල් ලැබීම් සහිත කාලයකි. මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2 යන භාව මතින් ගමන් කරයි. ගෘහජීවිතය අලුත් බලාපොරොත්තු ඇති කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.
පවුලේ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන කාලයකි. සතිය මැද කාලයේදී අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙයි. කැපී පෙනීමට කීර්තියට කැමැති කාලයකි. උසස් අයගේ ඇසුරට කටයුතු සැලසෙන සතියකි. රැකියාව රැකියාවේ සැලසුම් කීපයක් වෙනස් කරයි. එමෙන්ම ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. පාලක පක්ෂය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. බොහෝ දෙනා සම්බන්ධ කරගෙන කරන රැකියා මාර්ගවලට ද හේතු සැලසෙන කාලයකි. අධ්‍යාපනය සාහිත්‍ය හා කලා අංශයෙන් විවිධ ජයග්‍රහණ හිමිකරයි. උසස් අධ්‍යාපනයට පැවැති බාධා කීපයක් මඟහැරී යයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුම් සකස්කර ගන්නා කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි. සෞඛ්‍යය ශරීර සෞඛ්‍යය පිළිබඳ විමසිලිමත් වන්න. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් දුරදිග බලා කටයුතු කරන්න. සතිය මැද කාලයේ දී ශරීර අභ්‍යන්තරයේ ඇතිවන අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිය හැකිය. අය 07 වැය 04 ජය අංකය – 04 ජය වර්ණය – ළා දම් සුබ දවස – ඉරිදා තුලා ප්‍රධානීන්ගෙන් පැසසුම් අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.
මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1 යන භාව මතින් ගමන් කරයි. ගෘහජීවිතය පිරිසුදුකමට අලංකාරයට කැමැති කාලයකි.
දුරදිග සිතා බලා කටයුතු කිරීමට සිදුවෙයි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. සමාජ සේවා කටයුතුවලට යොමුවන කාලයකි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. රැකියාව රැකියා කරන ස්ථානයේ අය අතර කැපී පෙනෙයි. ආයතන ප්‍රධානත්වයෙන් පැසසුමට ලක්වන කරුණු කීපයක් සිදු කරයි. වගකීම් බහුල රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. ජලාශ්‍රිත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. අධ්‍යාපනය ගණිතයට, තාක්ෂණික කටයුතුවලට විශේෂ දක්ෂතා දක්වන කාලයකි. එමෙන්ම ඉගෙනීමේ කටයුතුවලට තරමක බාධා යෙදුණත් ප්‍රමාද වී හෝ ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගන්නා බවක් පෙනේ. සෞඛ්‍යය නින්දයාම අඩුකම, පීනස වැනි සෙම් රෝග, හිසට, පපුවට බලපාන්න ඉඩ තිබේ. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වීම යහපත් කරයි. අය 07 වැය 05 ජය අංකය – 04 ජය වර්ණය – තැඹිලි සුබ දවස – සඳුදා වෘශ්චික හදිසි තීරණ අවාසියි පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12 යන භාව මතින් ගමන් කරයි. ගෘහජීවිතය නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න.
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. වෙහෙසීම් බහුල සතියකි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති සතියකි. රැකියාව රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන්න. රැකියාවේ වගකීම් වැඩි කරයි. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් බිඳ වැටේ. කණ්ඩායමක් සමඟ එකතු වී කරන රැකියා කටයුත්තකට අත ගසයි. අධ්‍යාපනය මෙතෙක් උදාසීන ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු උත්සාහයෙන් උනන්දුවෙන් කරගෙන යයි. විශේෂ පාඨමාලවක් හැදෑරීමට වෙහෙසෙයි. නව දැනුම සොයා යන මාර්ගවල නිරතවන කාලයකි. සෞඛ්‍යය ශාරීරික වෙහෙස මහන්සියට හේතු ඇති කරයි. වරින් වර ඇති කරන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති සතියකි. අය 07 වැය 06 ජය අංකය – 04 ජය වර්ණය – නිල් සුබ දවස – බ්‍රහස්පතින්දා ධනු උගත් දෙයින් ප්‍රයෝජන වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළයුතු සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11 යන භාව මතින් ගමන් කරයි. ගෘහජීවිතය සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.
වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. පවුලේ වැඩිහිටියකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. ළඟම හිතවතෙකුගෙන් උපකාරයක් හිමිකරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන සතියකි. දරුවකුගේ ඉදිරි දියුණුවක් වෙනුවෙන් වෙහෙසෙයි. රැකියාව රැකියාවේ කටයුතු සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු යෙදේ. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවලට කටයුතු සැලසෙන සතියකි. විදෙස් රැකියාවකට ද සැලසුමක් ඇති කරයි. අධ්‍යාපනය විවිධ බාධා මැද අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යන කාලයකි. තරග විභාගයකින් ජයග්‍රහණ හිමි කරයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට පදිංචියෙන් පිටට යෑමට සිදුවේ. සෞඛ්‍යය ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරන සතියකි. උෂ්ණාධික රෝගයකින් පීඩා අත් කරන බවක් පෙනේ. එමෙන්ම වරින් වර හට ගන්නා අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. අය 06 වැය 05 ජය අංකය – 02 ජය වර්ණය – කොළ සුබ දවස – බදාදා මකර දුරගමනකට සැලසුමක් අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10 යන භාව මතින් ගමන් කරයි. ගෘහජීවිතය අහංකාර ගති පැවතුම්වලින් යුතු වේ. තම සැපපහසුව ගැන නිතර සිතයි.
ගේ දොර කටයුතුවලට උනන්දුව අඩු කරයි. අසල්වැසි සුහදතාවයට බාධා ගෙන දෙන කටයුතු කීපයක් සිදු කරයි. පැවැති වගකීමකින් නිදහස උදා කරයි. සතිය මැද කාලයේ දී දුර ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන සතියකි. රැකියාව රැකියාවේ ඉදිරි කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසෙයි. කරගෙන ව්‍යාපාර කටයුත්තකට වරින් වර බාධා මතු කරයි. රැකියාවේ කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවෙයි. අතමිට සරුකරන සුළු සුළු රැකියා මාර්ගද යෙදීමට ඉඩ ඇත. අධ්‍යාපනය දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතුවලට ආශාවක් දක්වයි. එමෙන්ම කණ්ඩායම් වැඩසටහනක නායකත්වය ගන්නා කාලයකි. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමටද දැඩි කැමැත්තක් දක්වයි. සෞඛ්‍යය නින්දයාම අඩුකම, පීනස වැනි සෙම් රෝග වරින් වර මතුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා කෑම බීම අරුචියක් ඇති කරයි. හදිසි ප්‍රතිකාර පැතීමට සිදුවන සතියකි. අය 07 වැය 04 ජය අංකය – 09 ජය වර්ණය – තැඹිලි සුබ දවස – සඳුදා කුම්භ විනෝදයට අවස්ථාව සිතේ ධෛර්යයෙන් කටයුතු සිදුකරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9 යන භාව මතින් ගමන් කරයි. ගෘහජීවිතය පැවැති කරදර බාධා කීපයක් මඟහැරී යයි. දුරදිග සිතාබලා තීරණ ගන්නා කාලයක් බව පෙනේ. අවිවාහකයන්ට මංගල යෝග උදාකරන කාලයකි. මෙතෙක් අමනාපයෙන් සිටි කෙනෙකු සමඟ මිතුරු වීමට කටයුතු උදා කරයි. හිතවතුන් සමඟ විනෝදවීමට කටයුතු සැලසේ.
සමාජීය කටයුතුවලට යොමුවීමට ඉඩ ඇත. රැකියාව රැකියාවේ වගකීම් වැඩි කරන කාලයකි. තනතුරු වෙනසක් සිදුවීමට ඉඩ ඇත. රැකියා ස්ථානයේ තරමක් ඉහළින් වැජඹී සිටීමට අවස්ථාව උදා කරයි. නව ව්‍යාපාරයක් ඇරැඹීමට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. අධ්‍යාපනය තරමක කලබලකාරී ගතියකින් අධ්‍යාපන කටයුතු කරගෙන යයි. වෙනදාට වඩා පොත්පත් කියවීමට කැමැත්තක් දක්වයි. නව දැනුම සොයාගෙන යන මාර්ගවල නිරත වෙයි. උසස් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමිකරයි. සෞඛ්‍යය සෙම් ගෙඩි වැනි උගුරේ අමාරු වරින් වර මතුවීමට ඉඩ ඇත. නිතර ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම්වීම වැදගත් වේ. ලේ විෂවීමක් වැනි චර්මගත ආබාධයක් මතුවීමට ඉඩ ඇත. අය 06 වැය 03 ජය අංකය – 04 ජය වර්ණය – කොළ සුබ දවස – සඳුදා මීන අලංකාරයට වෙහෙසෙයි ඇසුරු කරන අය අතර ප්‍රියතාවයට පත්වන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8 යන භාව මතින් ගමන් කරයි. ගෘහජීවිතය තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පවුලේ ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. යන එන තැන කැපී පෙනෙන කටයුතු කීපයක් සිදුකරයි. වෙහෙසීම් බහුල කාලයකි. සතිය මැද කාලයේ දී පදිංචියේ වෙනසක් සිදුවීමට ඉඩ ඇත.
එමෙන් ගේ දොර අලංකාරය ගැන වෙහෙසෙන බවක් පෙනේ. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. රැකියාව අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. රැකියාවේ පැවැති වෙහෙසකාරී බව මඟහැරී යයි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට අවස්ථාව උදා කරයි. දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලට සම්බන්ධවීමට ඉඩකඩ ඇති කාලයකි. අධ්‍යාපනය පොත්පත් කියවීමට කැමැත්තක් දක්වයි. සාහිත්‍ය හා කලා අංශය කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් සකස් කර ගන්නා කාලයකි. ඉගෙනීමට සහජ දක්ෂතා දක්වන බවක් පෙනේ. සෞඛ්‍යය වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය ගැන විමසිලිමත් වන්න. වරින් වර ඇති කරන දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. රුධිරගත සීනි මට්ටම, අධිරුධිර පීඩනය කෙරෙහි ද සැලකිලිමත් විය යුතු කාලයකි. අය 07 වැය 03 ජය අංකය – 06 ජය වර්ණය – තැඹිලි සුබ දවස –
සිකුරාදා සුබසෙත පුවත්පත ඇසුරෙන්..