ගෑවුණු අයට නම් නම ඇහුණත් ඇති.. නකල්ස් කැලේ බහුලව හමුවෙන මොනාද මේ මාවුස්සා..?
Saturday, 18 October 2025 - 16:16 | Views - 166
-Recovered-Recovered.jpg)
මොනාද මේ මාවුස්සා ?
කැලේ යද්දි හම්බෙන්න හොදම නැති එකක් තමා මේකත්..
මාවුස්සා ඇගේ ගෑව්නාට පස්සෙ එතන වතුර ටික්කුත් ගෑවෙනවා කියන්නේ ඉතිං ආයෙත් කහඹිලියා පරාදයි.
සමහරවිට ඔබ මේ ශාකය ගැන අහලත් ඇති, නැතුවත් ඇති, බොහෝ දෙනෙක් දන්නෙ නැති වුණාට මේ ළගට කිට්ටු වෙන්න බැරි ශාකයක්. සැලකිය යුතු ලෙස විවෘත සමේ මෙම ශාකය තැරවුනොත් මරණය පවා සිද්ද වෙන්න පුළුවන් කියලා ඔබ දැන සිටියාද?
මේ ශාකයෙන් නිකුත් කරන, ආසාත්මිකතාවලට හේතු වන රසායනික ද්‍රව්‍ය කීපයක් නිසා කැසීම, දැවිල්ල, රතුවීම, ඉදිමීම, පලු දැමීම, උණ වැනි තත්ව ගොඩක් එන්න පුළුවන්.
ඒ රසායනික ද්‍රව්‍ය අතර histamine වර්ග වගේම ස්නායු ක්‍රියාකාරීත්වය ට බලපාන Serotonin ඇතුළත්.
මේ irritations දවස් 10 සිට මාස 6 වගේ කාලයක් වුණත් තියෙන්න පුළුවන්.
ඒ වෙලාවෙම දෙහි සහ කහ යෙදීම මගින් බලපෑම සෑහෙන දුරට අඩු කරගන්න පුළුවන්.
මේ මාවුස්සා පැල නකල්ස්වල දැකගන්න පුළුවන්.. දිය කඩිති ආශ්රිත බහුලයි.. සමහරවෙලාවට එකපාර දැක්ක ගමන් මාවුස්සා ගහක් හරියටම අදුරගන්න අමාරුයි. මොකද මේ මාවුස්සා පැලේ අනිත් පැළවලින් වෙන්කරලා එකපාරම අදුරගන්න ටිකක් අපහසුයි. මේ මාවුස්සා කොළයක් ඇගේ ගෑවුනා කියල ගෑවුන ගමන් එකපාරම කිසිම විපර්යාසයක් වෙන්නෙනම් නෑ.. ඒ ගෑවුන තැන වතුර ටිකක් වගේ ගෑවුනාට පස්සෙ තමයි මේ ආසාද්මිකතා ඇතිවෙන්නේ.
සමහර විට ඔයාගෙ ඇගේ වතුරටිකක් ගෑවෙනකල් ඔයා දන්නෙ නැති වෙන්ත් පුලුවන් ඔයාගෙ ඇගේ මාවුස්සා ගෑවිලා කියලත්. හමේ පිටත මේක ගෑවුනත් සාමාන්‍යයෙන් හම ඇතුලෙන් කහනවා වගේ, එහෙමත් නැත්තන් කටු අනිනවා වගේ ෆීලින් එකක් තමා තියෙන්නෙ. ඒක දාරාගන්නනම් ටිකක් විතර අමාරුයි. හම අනිත්පැත්ත ගහලා ගලක අතුල්ලන්න හිතෙනවා ඒ වෙලාවටනම් මේක හරියට ගෑවුනොත් උණ ගැනෙන්න උනත් පුලුවන්. කෝමත් මේකෙ අමාරුව අඩුම දවස් දෙක තුනක්වත් තියනවා.
කැලේ යද්දි වල්ගම්මිරිස් හම්බුනොත් කොළ දෙක තුනක් කඩාන එවෙලෙම සාක්කුවට දාගන්න. ගෙදරින් එද්දි කහ කෑල්ලකුත් අරගෙනමයි එන්න. මාවුස්සා ගෑවුනා කියලා තේරුන ගනමන් දෙකෙන් එකක් හොදට තලලා ගාගන්නව වේදනාව තියන තැන තලපේ වගේ තියන්න..
ඊට පස්සෙ ටිකවෙලාවකින් ඒ ටික අයින්කරලා දානව. සීයට සීයක්ම සාර්ථක නැති උනත් වේදනාවෙ සැලකියයුතු අඩුවක් ඕකෙන් තියනව. අමාවුස්සා කොලේ තියන බූව අපේ ඇගෙන් අයින් වෙන්නෑ ලේසියෙන්. ගොඩක් කට්ටිය කියනවා මාවුස්සා ගෑවුනාම පිහියෙන් හූරන්න කියලා.
තව සමහරක් කියනවා සිග්නල් තියනවානම් ඒකෙන් ටිකක් මාවුස්සා ගෑවුන තැන තවරලා වේලුනාට පස්සෙ පිහියකින් හූරලා පොල්තෙල් ටිකක් ගාගන්න කියලා. වැඩේ සාර්ථකද දන්නෙනම් නෑ. ඔයාලට ට්‍රයි කරලා බලන්න.
කොහොම වුණත්, ඉතින් ඔය අමාරුව අඩුම දවස් දෙක තුනක්වත් අල්ලල හිටිනවා. ඒ නිසා කැලේ යද්දි ඇග වැහෙන්න ඇදගෙන යන්න. එතකොට ගෑවෙන්න තියන සම්බාවිතාවය අඩුයි.
Share This Article