සරසවි සිහිනය යථාර්ථයක් කරගත් තරු අතර ඇය දිදුලන තාරකාවක්.. ජ'පුර ඉතිහාසයේ රන් පදක්කම් ලාභීන්ගේ වාර්තා අලුත් කළ වෛද්‍ය මහිමා..
Saturday, 18 October 2025 - 16:11 | Views - 129
ඉගනීම කියන්නේ මොන තරම් වටිනා දෙයක්ද කියන එක කෙනෙක්ට තේරුම් ගන්න ඇය හොඳ උත්තේජනයක්.. වසර පහක සරසවි ගමන තුළ මොන තරම් අසීරු කාල ඇය පසු කරන්නට ඇතිද..? ඒත් අද ඒ හැම දෙයක්ම සතුටක් බවට පරිවර්තනය වෙලා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළ ඇය ලබාගත් මේ ජයග්‍රහණය සදා මතකයේ තියේවි. වෛද්‍ය මහිමා සුරේෂ්, පසුගිය දිනක පැවැත්වුණු ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ 51 වැනි උපාධි ප්‍රධානෝත්සවයේදී වෛද්‍යපීඨ ඉතිහාසයේ පළමු වරට රන් පදක්කම් 12ක් දිනාගන්නට ශිෂ්‍යාවක් ලෙස සමත්වුණා. එහෙත් මෙතෙක් කාලය තුළ මහිමා ලබාගත්ත මේ ජයග්‍රහණය සැබවින්ම විශිෂ්ටයි. ඇය උපාධි ප්‍රදානෝත්සවය අවසානයේ තමන්ගේ සහෝදර සහෝදරියට වැදගත් පණිවිඩයක් ලබා දෙන්නත් අමතක කළේ නැහැ, ඇය කියන්නේ තමගේ අරමුණු, ඉලක්ක, හීන විශාල වන තරමටම ඒවා සැබෑවක් කරගන්න වෙහෙසෙන්න කියන එකයි. ඉතින් ඇයත් ඒ වගේම ඇගේ සිහින යථාර්ථයක් කරගෙන ඇය කියන කතාව සනාථ කළ චරිතයක්. වෛද්‍ය මහිමා සුරේෂ්, අගේ දිදුලන අනාගතයට අපිත් හදවතින්ම සුබ පතන ගමන්, මේ පුංචි ශ්‍රී ලංකාවේ නම ලෝකයටම ගෙනියන්න වෛද්‍ය විද්‍යාව තුළින් ඇයට හැකියාව ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top