ඇයට සැඟව සිටීමට සහාය දැක්වු පුද්ගලයින් ගැනත් පොලිස් අවධානය.. ඉෂාරා සමග මතුගමට ගිය ගමනේදී හෙළිවූ තවත් කරුණු කිහිපයක් ගැන ඇසෙන කතාව මෙන්න..
Friday, 17 October 2025 - 16:22 | Views - 154
මේ වනවිටත් ඔවුන් ගැන ඇසෙන ඒ ආරංචිය මොකක්ද කියලා දන්නවාද? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි. නේපාලයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් 6 දෙනා සම්බන්ධයෙන් පැය 72 ක රැඳවුම් නියෝග මත පොලිසිය මේ වන විට ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඉෂාරා සෙව්වන්දි වැඩිදුර විමර්ශන සඳහා ඇය සැඟව සිටි මතුගම ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර, එහිදීද කරුණු රැසක් අනාවරණ කර ගැනීමට පොලිසිය සමත්වුණා. නේපාලයේ භක්තපූර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ මහල් නිවාසයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සැකකරුවන් හයදෙනාගෙන් ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් මේ වන විට රඳවා සිටින්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේයි. ඔවුන් සම්බන්ධයෙන් පැය 72 ක කාලයක් රැඳවුම් නියෝග ගත් පොලිසිය ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා. පොලිසිය කරන ලද එම ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා තිබුණේ ගනේමුල්ල සංජීව ඝාතනයෙන් පසු මතුගම ප්‍රදේශයට පළා ගොස් මාසයක පමණ කාලයක් එහි රැඳී සිටි බවයි. ඒ අනුව ඉෂාරා සෙව්වන්දි ඊයේ දිනයේදී මතුගම ප්‍රදේශයට රැගෙන ගොස් තිබු අතර, එහිදි ඇය සැඟව සිටි බව කියන ස්ථාන කිහිපයක් සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන සිදුකර තිබෙනවා. එමෙන්ම ඇයට සැඟව සිටීමට සහාය දැක්වු පුද්ගලයින් සම්බන්ධයෙන් ද පොලිසිය අවධානය යොමු කළ අතර, ඔවුන් ඉදිරියේදි අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. පොලිසිය පැවසුවේ කෙහෙල්බද්දර පද්මේගේ හිතවතෙක් වන මතුගම ශාන් විසින් පද්මේගේ උපදෙස් මත ඇයට සැඟව සිටිමට සහාය දී තිබු බව අනාවරණ වි ඇති බවයි. ඉෂාරා සෙව්වන්දි මතුගම ප්‍රදේශයේ සැඟව සිටින බවට පොලිසියට පසුගිය පෙබරවාරි මාසයේදී තොරතුරක් ලැබි තිබු අතර, එම මාසයේ 25 වැනිදා පොලිසිය අදාළ නිවස පරීක්ෂාවට ද ලක්කළා. කෙසේ වෙතත් ඉෂාරා සෙව්වන්දි පවසා ඇත්තේ ඒ වන විට තමන් මතුගමින් මිද්දෙණිය ප්‍රදේශයට පළා ගොස් තිබු බවයි. පසුව යාපනයට ගොස් බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පළා ගිය බවත්, එම කාලය පළාත් පාලන ඡන්ද කාලසීමාව වු බැවින් තමන්ට යාපනයට ගොස් ඉන්දියාවට පළා යෑමට පහසු වු බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා. පොලිසිය පැවසුවේ ඇය සැඟව සිටි බව පැවසෙන සෙසු ස්ථාන සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බවයි. මේ අතර, ඉෂාරා සෙව්වන්දි අදත් විමර්ශන සඳහා පිටතට රැගෙන ගොස් තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top