විවාහ වීමෙන් පසුව සිය බිරිඳගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් රන්මාල කොල්ල කෑ අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට මාසයකට පමණ පෙර නිවසක පුවත්පතක් බලමින් සිටි කාන්තාවකගෙන් කොල්ලකරු විසින් බීමට ජලය ඉල්ලා කාන්තාව ජලය ලබාදෙන අවස්ථාවේදී කාන්තාවගේ පවුම් දෙක හමාරක රන්මාලය කඩාගෙන පලාගොස් තිබුණා.
අනතුරු ඒ පිළිබඳව පරික්ෂණ කටයුතු සිදු කල පොලිසිය විසින් අදාළ කොල්ලකරු සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.
අදාල සැකකරු මීට වසරකට පමණ පෙර විවාහ වී සිටින අතරම ස්ථීර ආදායම් මාර්ගයක් නොමැති වීම මත සිය බිරිඳගේ අවශ්‍යතාවන් සපුරාලීමට මෙලෙස රන්මාල කොල්ලකා ඇති බවට අනාවරණය වී තිබෙනවා.
සැකකරු එක් ස්ථානයක පදිංචි නොවී ප්‍රදේශ කිහිපයක කුලියට නැවතී මෙලෙස රන්මාල කොල්ලකා ඇති බව සදහන්.