විදෙස්ගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාටයි මේ විශේෂ දැනුම්දීම..
2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ලබන 23වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.
ඒ අනුව, මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 36,745 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව සදහන්.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ මෙම වසරේ ඔක්තෝබර් මාසය අවසන් වන විට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍ර ලාංකිකයින් ප්‍රමාණය තුන්දහස ඉක්මවන බවයි.
එහිදී නිෂ්පාදන අංශය සඳහා ලාංකිකයින් 2197 දෙනෙකුට රැකියා අවස්ථා හිමිවී ඇති අතර, ධීවර අංශය සඳහා 680 දෙනෙකුට රැකියා අවස්ථා හිමිව තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පවසනවා.