ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..
Monday, 13 October 2025 - 15:21 | Views - 187
උතුරු - මැද, මධ්‍යම, ඌව, සබරගමුව සහ වයඹ පළාත්වලත් මාතර, හම්බන්තොට, ගම්පහ, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.මෙම නිවේදනයට අදාළ දැනුම්දීම අද රාත්‍රී 11:00 දක්වා බලපැවැත්වෙනු ඇති.එබැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.
Share This Article