ඉදිරියේදී ලන්ච් ෂීට්වලට වෙන්න යන දේ..
ඉදිරියේදී ලන්ච් ෂීට් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් පවසනවා.
ඒ අනුව, විකල්පයක් ලෙස ප්ලාස්ටික් නොවන ලන්ච් ෂීට් භාවිතයක් හඳුන්වාදෙන බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම, ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු නොවැම්බර් මස පළමු වැනිදා සිට නොමිලේ ලබාදිය නොහැකි බවට සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගියදා ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණා.
එහි දැක්වෙන්නේ නොමිලේ ලබා නොදෙන ෂොපින් බෑග් ඇතුලු බහාලුම් මලු සඳහා පාරිභෝගිකයාගෙන් අයකරන මුදල බිල්පතෙහි සඳහන් කළ යුතු බවයි.