ගෙදර නතර වූ තරුණයෙකු ලවා මව නිවසේ සියලු වැඩ කරගෙන.. හිලව්වට දුව දීග දෙන්න පොරොන්දු වුණු මවට වෙච්ච දේ දන්නවාද..?
Saturday, 11 October 2025 - 17:07 | Views - 125
විවාහයක් කියන්නේ කෙනෙක්ගේ ජීවිතයේ නැවත ඉපදීමක්. ඇයටත් ඒක පොදු වූ කාරණාවක්. ඒත් මේ කියන්නේ තවත් එක් ආන්දෝලනාත්මක කතාවක්. ඇයට මේ සහකරු ඇත්තටම ගැලපෙනවාද? ඒ ප්‍රශ්නාර්ථයත් එක්කම ඇසෙන විශේෂ කතාවයි මේ. එක්තරා ගමක විසූ මවක් සිය දියණියක් විවාහ කර දෙන බවට පොරොන්දුවී තම නිවසේ රඳවා ගත් අවුරුදු 26ක තරුණයෙකු තම අනියම් පුරුෂයා ලෙස තබා ගැනීම නිසා සිදු වූ අවුලක් බේරා ගැනීමට අවසානයේ පොලිසියටත් මැදිහත් වෙන්න වෙලා. කොහොම වුණත් එම කාන්තාවගේ තරුණ දියණියට මේ සිද්ධිය නිසා පත්ව තිබුණේ දැඩි අසීරුතාවකටයි. මෙම කාන්තාව වයස අවුරුදු 46ක පමණ පසුවූ තැනැත්තියක්. මැයට දූවරුන් තිදෙනෙක් සිටි‍යා. ඔවුන් වයස අවුරුදු 25 සහ 20 අතර පසුවන අතර මෙම කාන්තාව තම දියණියක් විවාහ කර දෙන බවට පොරොන්දු වී නිවසේ කටයුතු ද කරවා ගනිමින් තරුණයාව නිවසේ නතර කර ගත්තා. කාලය ගෙවී යද්දී මොහු සමඟ අනියම් ඇසුරක් පවත්වන්නට පටන් ගත්තා. මැයගේ සැමියා බොහෝ විට කාලය ගත කළේ නිවසෙන් පිට රැකියා ස්ථානයේයි. මෙම තරුණයා ඔහු සමගද කිට්ටු ඇසුරක් පවත්වා ගත්තේ කෑම, තේ ආදිය එම ස්ථානයට රැගෙන යමින්. තරුණයාව කාන්තාව එම කටයුතු සඳහාද පොළඹවා ගන්නට සමත් වූවා. මොවුන්ගේ ඇසුර දැනගත් දියණියන් තිදෙනාගෙන් දෙදෙනෙකු මීට මාස කීපයකට පෙර වෙනත් තරුණයින් දෙදෙනෙකු සමඟ නිවසින් පැන ගියහ. දැනට නිවසේ ඉතිරිව සිටින තරුණියට අදාළ තරුණයා සමග එක්වන්නට මව බල කළා. එයට අකමැති වූ දියණිය බේරුමක් නොමැති නිසා පොලිසියට ඇය පැමිණිලි කරලා. මෙය දැනගත් මව පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට බල කළත් දියණිය ඇගේ කීම කනකට වත් ගත්තේ නැහැ. පසුව කෙසේ හෝ මෙම කාන්තාවත් ඇගේ සැමියාත් පොලිසියට කැඳවා විභාග කිරීමේදී සිද්ධිය මනාව තේරුම් ගත් පොලිසිය තිදරු මවට තදින් අවවාද කරමින් වහාම අනියම් පුරුෂයා නිවසින් පිටත් කර හැරීමට නියම කළා. වසර 08 ක් වැඩ පළ කරමින් දියණිය විවාහ කර ගන්න බලාපොරොත්තුවෙන් සිටි තරුණයාගේ තිබූ බලාපොරොත්තු සුන්වී ගියේ තරුණ දියණිය මෙම විවාහයට අකමැති වූ නිසායි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top