රෝහලට රැගෙන ගිය සිසුවා ගැන වෛද්‍යවරුන් පැවසූ දෙයින් සියල්ලන් කම්පනයට පත්වෙයි.. පිහිනුම් තටාකයේ මිය ගිය සිසුවාගේ සිද්ධිය සම්බන්ධයෙන් ඇසෙන ආරංචියක් මෙන්න..
Saturday, 11 October 2025 - 17:06 | Views - 118
මේ සිද්ධිය බොහෝ දෙනා සංවේගයට පත් කරන පුවතක් වුණා. ඒ තරම් පිරිසක් එක්වෙලා හිටිය තැනක මේ දරුවාගේ ජීවිතයට එවැනි ඉරණමක් අත්වුණේ කොහොමද..? ගොඩක් දෙනෙක් මේ පුවතත් එක්ක විමතියට පත්වෙන හේතුව අන්න එයයි. ජාත්‍යන්තර පෙර පාසලක 5 හැවිරිදි දරුවකු නුගේගොඩ හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී මියයෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පිහිනුම් උපදේශකයන් ඇතුළු 7 දෙනා ලබන 22 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (10 වැනිදා) නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි විමර්ශනය කිරීමෙන් පසු පොලිසිය මගින් මෙම පිරිස අත්අඩංගුවට ගත් අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර එම ජාත්‍යන්තර පෙර පාසලේ සහකාර විදුහල්පති, ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, දරුවන් භාරව සිටි ගුරුවරුන් දෙදෙනකු, පිහිනුම් උපදේශකයන් දෙදෙනකු, පෙර පාසල් සේවිකාවක් ඇතුළු 7 දෙනකු වන බවද පොලිසිය පවසනවා. පසුගිය 8 වැනිදා පෙරවරුවේ මිරිහාන ස්ටැන්ලි තිලකරත්න මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී මෙම අවාසනාවන්ත සිද්ධිය වී තිබූ අතර මෙලෙස මියගොස් තිබුණේ නුගෝගොඩ තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචි දරුවෙක්. එදින මියගිය දරුවා ඇතුළු තවත් දරුවන් කණ්ඩායමක් ගුරුවරුන් හා පුහුණුකරුවකු යටතේ හෝටලයේ පිහිනුම් තටාකයේ පිහිනුම් කටයුතු සිදුකරමින් සිටිය දී මෙම දරුවා දියේ ගිලී ඇතැයි පොලිසිය කියයි. ‘දරුවා ගොඩට ගෙන කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගිය ද එහිදී දරුවාව පරීක්ෂා කළ වෛද්‍යවරු දරුවා මියගොස් ඇති බව ප්‍රකාශ කර තිබෙනවා. දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (09 වැනිදා) කළුබෝවිල ශික්ෂණ රෝහල් අධිකරණ කාර්යාලයේදී සිදු කළ අතර එහිදී විවෘත තීන්දුවක් දී තිබෙනවා. සැකකාර සහකාර විදුහල්පතිවරයා ඇතුළු 7 දෙනා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. මේ පිළිබඳව මිරිහාන මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුෂ්මන්ත ලියනගේ මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා. දිවයින පුවත්පත ඇසුරෙන්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top